.𝟑𝟏

117 19 2
                                    





තිස් එක්වන පරිච්ඡේදය.......


මින්-ආහ් හිටියේ මේ වෙද්දි ප්‍රශ්න ගොඩකට කොටු වෙලා, හිරවෙලා කිව්වත් වැරදි නැහැ.

එදා ජංක්කූක් ගෙන් ලැබුණු උණුසුම් හාදුව කෙල්ලට ගෙනාවේ එක්තරා විදියක පුදුමයක් පිරුණු සතුටක් වගේම එක්තරා විදියක දුකක්.

අදට ඒ සිද්ධිය වෙලා හරියටම සතියක් ගිහින් තිබුනත් කෙල්ලට ඒ සිදුවිම අද ඊයේ ක උන දෙයක් වගේ දැනුනා.

මේ ගෙවුණු සතිය පුරාම මින්-ආ කොල්ලගේ රෑපේ බලාපොරොත්තු වුනත් කෙල්ලට කොල්ලව දකින්න නම් ලැබුනේ නැහැ.

ඔව් ජංක්කූක් මේ ගෙවුණු සතිය පුරාම කොලේජ් ඇවිත් හිටියේ නැහැ වගෙම ඒ සතිය පුරාම කෙල්ලට කොල්ලව දැක ගන්න පුළුවන් වුනෙත් නැහැ.
ඒ නිසා මින්-ආහ් ට දැනුනේ මේ ගෙවුන දවස් ටික මහ පාළු බවක්, අසතුටක් වෙද්දි කෙල්ලට එදා දවස පාඩමකට වත් හිත යොමු කර ගන්න බැරි වුණා.

ටිකෙන් ටික වේලාව යද්දි මින්-ආ කොලේජ් ඉවර වෙලා ගෙදර ගියෙත් හිත ඒකෙක තැන්වල දුවද්දී.
පාරෙ තියෙන චූටි චූටි ගල් වලටත් පයින් ගහන අතරෙම කෙල්ල ආවේ පාරෙ යන වාහන දිහාවට ත් ඇස් යොමු කරන ගමන්මයි.


.

.

.

පහුවදා හිත කොණක දලු දාමින් පන නැගුණු චුටි චුටි බලාපොරොත්තු ත් එක්ක මින්-ආහ් කොලේජ් ආවා.
තමන්ගේ පංතියට ගියපු කෙල්ල බෑග් එකත් ඩෙස් එකෙන් තියලා ගියෙ කෙල්ල ගොඩක් වෙලාවට ඉන්න ආසම කරපු බංකුව දිහාට.
ඒ පිට්ටනිය කොනටම වෙන්න තිබුණු ලී බංකුවට.

රූස්ස ඕක් ගස්වල පුංචි පුංචි කොල සුලගද දග කරද්දී කෙල්ල ලී බැංකුවෙන් වාඩි වුණේ එක රෑපයක් හොයමින්.

ඔව් ඒ ජංක්කූක් .
කොල්ලගේ යාළුවෝ තැන තැන එකට බෝල් ගහද්දි කෙල්ල හරිම විමසිලිමත් දෑස් වලින් ඒ දිහා බලාගෙන හිටියා.
ඒත් ඒ විමසිලිමත් දෑස් ටිකෙන් ටික අදුරු වෙද්දි කෙල්ල බිම බලාගත්තේ එයා හොයපු රෑපේ අයිතිකාරයා අදත් නැහැ කියලා කෙල්ලට තේරුම් කරන අතරෙදි.

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Wo Geschichten leben. Entdecke jetzt