.𝟐𝟎

150 21 0
                                    


විසිවෙනි පරිච්ඡේදය....






_ ඒත් අද....
අද මං මෙතනට ආවේ කිසිම තරහක් වත් දුකක් වත් අඩුම සතුටක් වත් නිසා නෙවෙයි. ඒ ඇයි කියන්න මටවත් තේරෙන්නේ නැහැ. සමහර විට ඒ මිශ්‍ර හැගීමක් වෙන්නැති.

මං මෙතෙන්ට ඇවිත් ඉදගත්තෙ හිතෙ ඇදිච්ච දහසකුත් දේවල් එක්ක.

අවටින් විටින් විට හමන සුළග ඇගට වදිද්දි දැනෙන සනීපෙ නිසා ම මං ටිකක් ඇස් පියාගෙන කල්පනා කරෙ ඒ ගැන...





" ඔය දෙන්නාගේ මුරණ්ඩු කමද ලොකුකම ද කියලා මං දන්නේ නැහැ.. හැබැයි මෙහෙම රණ්ඩු වෙන්න මේක තමුසෙලා ගේ ගෙදර නෙවෙයි කියන එක තේරුම්ගන්නවලා..මේක පාසලක්.,
හහ් දැං මට මේක එපා වෙලා... .......
හොදයි අපි මෙහෙම කරමු ... තමුසෙලා දෙන්නාගේ දෙමව්පියන් ට එන්න කියමු මේ ගැන කතා කරන්න... මම් මොකද කියන්නේ.."
ප්‍රින්සිපල් එහෙම කියද්දි මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු කොල්ලෝ දෙන්නාම ඔලුව ඉස්සුවේ ඇස් ලොකු කරගෙන...

" ඒත් සර්.... අනේ මේ පාර විතරක් අපිට සමාවෙන්න... අනේ ඔම්මලාට නම් කියන්න එපා මේ ගැන ප්ලීස් සර්..."
ටේහියුන්ග් සද්ද නැතුව බලාගෙන ඉද්දී ජංක්කූක් කතා කරන්න ගත්තේ ලොකු නොසන්සුන් කමකින්...
ටේහියුන්ග් තාමත් ඒ විදිහට ම බලාගෙන හිටියා වචනයක් වත් පිට කරන්න මහන්සි නොවී.

" එහෙම කරන්න බැහැ නේ ජංක්කූක්.. ඔයාලා දවසක් දෙකක් නෙවෙයි මෙහෙම හැසිරුණේ... ඔයාලගේ ප්‍රශ්නෙ මොකක්ද... මේකෙ තව ලමයි ඉන්නවා, එයාලා මොනා කියයිද...
අනික මේ ප්‍රශ්නෙ බැරි වෙලාවත් මීඩියා වලට ගියොත් , මිනිසුන් මොනා හිතෙයිද මේ පාසල ගැන. පාසලේ නමට මොකක්ද වෙන්නේ ඒතෝට.... "
ඔහු කිව්වේ සන්සුන්ව වුනත් වචන බර කරලා .

" ම..මට තේරෙනවා සර්.. ඒත් ප්ලීස් සර්... ආයෙ අපි දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙන විදිහට වැඩ කරන්නේ නැහැ... අනේ ඔම්මලාට කියන්න එපා.🥺..."

" හ්ම්හ්... හොදයි එහෙනම්.. හැබැයි මේ අන්තිම පාර ... ඒ වගේම ටේහියුන් හවස පංති ඉන්න ඕන තව ජංක්කූක් ඔයත්.. "

" ම්වෝ.😳 "
ජංග්කූක් ටේහියුන් දෙන්නාටම එකටම කියවුණා. දෙන්නගෙම මූණූ කජු ලෙල්ල වගේ ඇකිලිලා ගිහින්...

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now