.𝟑𝟒

107 16 0
                                    


තිස්හතර වන පරිච්ඡේදය.....

.
.
.

අපි හිටියේ ගෙදර ගාර්ඩ්න් එකේ , ටිකක් ලොකුවට වැවුන නුග ගහක් යට තිබුන බංකුවේ ඉදගෙන.

එතන තිබුණේ මාර විදියට නිශ්ශබ්ද බවක්, නුග ගහේ අතු දෙකක තුනක ඉන්න චූටි කුරුල්ලන්ගේ කිචි බිචිය ඇරුන කොට ඒ තිබුණ නිශ්ශබ්දතාව හිතට ගෙනාවේ එක්තරා විදියක සැහැල්ලු වක්.

මං හිතන්නේ ටේහියුන්ට කියන්න ගොඩක් දේවල් තියෙනවා.
ඒ නිසා ම මං එයාට කතාව පටන් ගන්න දිලා බලාගෙන හිටියා. ඒත් තවම එයා නිශ්ශබ්දයි.

අතරින් පතර හෙලන බර දිගු සුසුම් ඇරුන කොට ටේගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න බැරි වුණා.
බර සුසුම් කිහිපයකට පස්සේ එයා කතා කරන්න ගත්තේ මං හිතන විදියට හරියටම විනාඩි විස්සකටත් පස්සේ.

' ජංක්කූක්.....'

' ම්හ් '

' ජංක්කූක්... මට...මට සමාවෙන්න මං දන්නවා ඔයාට මට සමාව දෙන්න බැරි තරමට ම මං ඔයාට , අම්මාට ඒ වගේම මගේ තාත්තටත් ගොඩක් නපුරු කම් කරා කියලා... ඒත් මට සමාවදෙන්න මල්ලි '

' මල්ලි '
හහ් ඒ වචනෙ අහන්න මං බලාගෙන හිටියා එයාගේ කටින්.
කොච්චර බැන්නත්, ගෙරෙවුවත් මං තාම ඒ කාලේ තරමටම එයාට ආදරෙ කරා. මං බලාපොරොත්තු වුනා කවදා හරි ආයෙ එයා මටත් ඒ විදිහට ආදරෙ කරයි කියලා.
මං කතා කරන්න මහන්සි වුනෙ නැහැ, ඒවගෙම එයාට මං කතා කරන්න ඕන වුනෙත් නැහැ.
ලොකු හුස්මක් හෙලපු ටේ ආයේ කතා කරන්න පටන් ගත්තා.

" දන්නවද ජංක්කූක් මං ඔයාලට කෑ ගහලා යන හැම වෙලාවකට පස්සෙම මට මං ගැනම දැනෙන තරහා, ම්හ් ඔයා දන්නෙ නැහැ,
ඒත් මං කියන්නම් මොකද මට දැන් මේ දෙවල් හිත ඇතුලේ හිර කරගෙන ඉදලා ගොඩක් මහන්සි යි.

දන්නවද සමහර මිනිසුන් ඉන්නවා තමන්ට දැනෙන දුක තරහින් පිට කරන, හැගීම් පෙන්නන්න මැලි වෙන, වචනයක් ඇතුලෙ කතා ගොඩක් හංගන, ලෝකෙටම දුශ්ටයෙක් වගේ හැසිරෙන. ඒත් දන්නවද එයාලා හරියට අපි ගන්න හුස්ම වගේ. එයාලට ඕන එයාලව හැම තිස්සෙම තේරුම් ගන්න පුළුවන් ඔක්සිජන් .

UNFORGETTABLE LOVE | JK | ᶜᵒᵐᵖˡᵉᵗᵉ✓Where stories live. Discover now