✳️CHAPTER 01✳️

4.6K 473 88
                                    

🌷   🌷    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
        

බිනා එක්ක බයික් එකේ උදේම ගෙදරින් පිටත් උන ශාන් හිටියෙ කලබල වෙලා.. මොකද දැනටමත් පීසා ශොප් එකට යන්න හොදටම පරක්කු වෙලා තිබ්බ හන්දා..

"" ඉක්මන් කරල යමන්කො බිනා..""

ශාන් බිනාගෙ උරහිසට අතින් ගගහා එහෙම කිව්වෙ..

""ඉදපන් ඉතින්.. මට බයික් එකක් මිසක් ජෙට් එකක් නෙවේ බං තියෙන්නෙ..""

බිනා එහෙම කිව්වෙ බයික් එකේ වේගෙ තව වැඩි කරන ගමන්..ශාන් සැරින් සැරේට වෙලාව බල බල හිටියෙ බිනාටත් රව රව..

"" නවත්තපන් නවත්තපන් ඔතන..""

බිනා පීසා ශොප් එක පේන මානෙ බයික් එක නැවැත්තුවම ශාන් කඩි මුඩියෙ බයික් එකෙන් බැස්සා..

"" බිනා එහෙනම් උබේ ඉන්ටවිව් එකේ වැඩේ හොදට කර ගනින්.. good luck ""

"" thank you.. thank you .. දැන් පලයන් නැත්තම් අර උබේ යක්ස චෙෆා මෙතනටම එයි තෝව හොයාගෙන..""

"" හරි බං මම ගියා..""

ශාන් දුවල යන දිහා බිනා හිනා වේගෙන බලන් හිටියෙ..ශාන් ශොප් එකට ඇතුල් වෙද්දිම යැන්ග් හිටියෙ පොළොව මොප් කරන ගමන්..

ශාන් ශොප් එකට ඇතුල් වෙද්දිම යැන්ග් හිටියෙ පොළොව මොප් කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" ගුඩ්මෝනින් යැන්ග්..""

"" ගුඩ්මෝනින් ශාන්.. මොකෝ අද පරක්කු..""

"" ට්‍රැෆික් එකට අහු උනානෙ.. ""

"" ආහ් ඉක්මනට යනවා කිචන් එකට.. චෙෆාට මල පැනල ඉන්නෙ..""

"" අඩේ මම ඉවරයි අද..""

ශාන් ඇතුලට දුවල ගිහින් කිට් එක මාරු කරල ඒප්‍රන් එකයි කැප් එකයි දාගෙන කිචන් එකට එද්දි චෙෆා හිටියෙ පීසා පිටි මෝලිය හදන ගමන්..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now