🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷"" ශාන්ට ඊයෙ මැසේජ් එකක් එවල තිබ්බ කවුරු හරි.. මට ඉක්මනට බලල කියහන් ඒ කවුද කියල..""
හීනෙන් වගේ මට යීබෝගෙ කටහඬ ඇහෙද්දි.. මගෙ නින්ද කැඩුනත් එයා කා එක්ක හරි කෝල් එකෙන් කතා කරන්නෙ මන් ගැන නිසා මම බොරුවට ඇස් වහන් එයා කියන දෙවල් අහන් හිටියා..
"" එදා මම ශාන්වයි දරුවවයි අරන් නොගියනම්.. එයාලටත් වෙන්නෙ ආන්ටිට වෙච්ච දේ බං..එහෙම උනා නම් මට මොනා වෙයිද මචං..""
එයා හිතේ අමාරුවෙන් ඒ දේවල් කියන්නෙ කියල මට තේරුනා.. ඇත්තටම මේ තරම් අපිව පරිස්සම් කරන්නෙ ඇයි යීබෝ..මම කොට්ටෙ අතින් මිරික ගත්තෙ එයා කියන දේවල් අහන් ඉන්න බැරි කමට..
"" හ්ම්.. මම ලග ඉන්න කන් එයාලට මුකුත් වෙන්න දෙන් නෑ බං.. මගෙ දරුවටයි ශාන්ටයි මොනා හරි උනොත් මම හැම එකාවම මරාගෙන මැරෙන්නෙ ..""
දෙයියනේ යීබෝ ඔයා මොනාද මේ කියන්නෙ.. මම බැරිම තැන නැගිටල ඇදෙන් ඉදගෙන එයා දිහා බලන් හිටියා.. එයා ජනේලෙන් එලිය බලන් කතා කරන නිසා මම ඇහැරිලා කියලවත් දන් නෑ ..
"" හරි මට අරක ඉක්මනට එවහන්..""
පෝන් එක කට් කරල එයා මගෙ පැත්ත හැරුන.. එයාගෙ ඇස් ගැස්සුනා මාව දැකල.. ඒත් මට වචනයක් වත් නොකිය එයා එලියට ගියා..
අම්ම කිව්ව වගේ යීබෝ අපිට මේ තරම් ආදරේද.. මාවයි දරුවවයි පරිස්සම් කරන්නෙ මැණිකක් රකිනවා වගේ.. අපිට කරදර කරන්න අය ඒ කියන්නෙ මෙයාගෙ වටේ ඉන්නවා.. ඒ හින්දද යීබෝ අපි දෙන්න ගැන මේ තරම් වද වෙන්නෙ.. යීබෝ ගැන හිත හිත මම බාතෲම් එකට ගියෙ වොශ් එකක් දාගන්න..
***************************************ස්විටර් එකක් ඇදගෙන මම හිම වැටිල තියෙන ගාර්ඩ්න් එකේ එහෙට මෙහෙට කැරකි කැරකි හිටියෙ චෙනාගෙන් මැසේජ් එකක් එනකන්..
ආන්ටිගෙ මරන පරික්ෂණේදි කියල තියෙන්නෙ.. ආන්ටිගෙ ශරීරයේ කැපුම් පාරවල් විසි හතරක් වගේම පපුවට වෙඩි පහරක් ද එල්ල කරල කියල.. අදික රුදිර වහනය නිසා තමයි අම්ම මැරිල තියෙන්නෙ කියල මට චෙන් කිව්වම.. මේ අපරාදෙ කරපු එවුන්ගෙ අවයව එකින් එක ගලවලා අමු අමුවෙ බාබකිව් කරන්න හිතුනෙ..
YOU ARE READING
THE MISTAKE OF LOVE [completed]
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔