🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷ZHAN P.O.V❤️
හවස ඩිස්චාර්ජ් වෙලා සාන්ව හොස්පිටල් එකෙන් ගෙදර ගෙනාවෙ අම්ම..ගෙදරට ආපු සාන් සෝෆා එකේ ඉදගෙන ඉද්දි.. එක පාරට මතක් උන දෙයක් නිසා අම්මට කතා කලා..
"" අම්මෙ ඇත්තටම මාව එදා රෑ හොස්පිටල් ගෙනිච්චෙ කවුද..""
"" ආහ්.. බින් පුතා තමයි හොස්පිටල් ගෙනිහින් තිබ්බෙ.. උදේ හැමදාම එයා එන්නත් කලින් ගේට් එක ලග හිටන් ඉන්න ඔයා.. එදා නැති වෙද්දි.. බින් පුතා ඔයාගෙ ෆෝන් එකට කෝල් කරල තිබ්බා.. ඊට පස්සෙ ආන්සර් එකක් නැති හන්දා බින් පුතා ගේ ඇතුලට ඇවිත් තියෙන්නෙ.. එතකොටත් පුතේගෙන් ගොඩක් ලේ ගිහින් තිබ්බෙ.. තව ටිකක් පරක්කු උනා නම් පුතාගෙ ජීවිතේත් නැති වෙන්න තිබ්බ කියල ඩොක්ටර් කිව්වා..""
"" එච්චර දෙයක් උනාද අම්මා..""
"" හ්ම්.. ""
අම්මා ඒ දේවල් කටින් කියපු නිසායි මම දැන ගත්තෙ.. එහෙම නැත්තම් මම දන්නෙත් නෑ මට මොකද්ද උනේ කියල ..
"" පුතා ඔහොම ඉන්නකො...මම බොන්න මොනා හරි හදන් එන්නම්..""
අම්ම මට එහෙම කියල කිචන් එකට යද්දි.. මම සෝෆා එකෙන් නැගිටල ගියෙ මගේ කාමරේට..පිලිවලට හදල තිබ්බ මගේ ඇද දිහාට ඇස් යද්දි.. ඉබේටම මගෙ ඇස් වලින් කදුළු ගැලුවා..
එදා රෑ වෙච්ච දේවල් මට බොද වෙලා පෙවුනත්.. ඒ නරුමයගෙ මූණ මම අන්තිම මොහොතෙ පැහැදිලිවම දැක්කා..මගේ කුසටත් අතක් තියාගෙන මම ඇදේ ඉද ගත්තෙ.. වේදනා දෙන මගේ පපුව අනිත් අතින් අල්ලගෙනමයි..
"" අම්මත් නැති වෙච්ච කාලෙකට...මම දරුවෙක් එක්ක තනි වෙයි..කොහෙවත් යන අසහන කාරයෙක් කරපු අපරාදෙට දැන් ජීවිත දෙකක්ම විනාස වෙන්න යනවා..""
මම හිතින් දුක් උනේ මගේ කුසේ ඉන්න දරුව ගැනත් හිතල.. හරියට මගෙ තාත්තා අම්මව අතෑරල ගියා වගේ මටත් උනේ ඊට හපන් දෙයක්..අතීතය ගැනත් හිතමින් හිටපු මගේ ඇස් ගියේ ටේබල් එකේ යට කකුලක් ලග තිබ්බ දේකට..මම ඇදෙන් නැගිටල ගිහින් ඒක අතට ගත්තා..
"" KING Y ""
පෙන්ඩන් එකක්...ඒකෙ කොටල තිබ්බෙ ඔය අක්ශර ටික..ඒත් මොකද්ද මේ...ඒ කියන්නෙ එදා රෑ ආපු එකාගෙද මේ පෙන්ඩින් එක.. මම රතු උන ඇස් වලින් ඒ පෙන්ඩන් එක අතේ මිරික ගත්තා..
YOU ARE READING
THE MISTAKE OF LOVE [completed]
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔