✳️CHAPTER 28✳️

1.6K 314 68
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

අවුරුදු දෙකක් ගෙවුනා.. මම ජීවත් උනේ මැරිච්ච එකෙක් ගානට.. මොකද හිටි ගමන් චෙන් මට කිව්වෙ යීබෝ මැරුන කියල...මගෙ පපුව පැලෙන්න ආවා.. මම දන් නෑ මට කවදාවත් නැති විදිහට එදා අමාරුවක් ආවෙ.. චෙන් නොහිටිය නම් දරුවට අම්මත් නැති වෙනවා..

මම චෙන්ගෙන් ඇහුව කොහොමද යීබෝ මැරෙන්නෙ කියල.. එයා ගහක් ගලක් වගේ හොදටනෙ හිටියෙ...එයා මට කිව්වෙ එක දෙයයි.. එදා ඇක්සිඩන්ට් උනා කියපු දවසෙම යීබෝ අපිව දාල ගියා කියල.. ඒක මට කියාගන්න බැරුව හිටියෙ මොකද මම ශොක් වෙයි කියල හිතපු නිසාලු..

මට පිලිගන්න බෑ යීබෝ අපිව දාල ගියා කියල.. මෙයාල බොරු කියන්නෙ.. මගෙ කන් දෙකටම ඇහුනනෙ එදයින් පාස්සෙත් මෙයාල ලොකු අයිය කිය කිය යීබෝ ගැන කතා කරනවා.. ඒත් ඇයි දෙයියනේ යීබෝ මැරුන කතාවක් කිව්වෙ.. ඇයි මට මෙහෙම දුක් දෙන්නෙ යීබෝ ඇයි..

එදයින් පස්සෙ මම සතියක් ලෙඩ ඇදේ හිටියෙ.. පිටි පස්සෙ ගෙදර නැන්ද තමයි කන්න බොන්න හැමදේම දුන්නෙ.. කාලෙත් එක්ක මම ටික ටික මගෙ හිත හදා ගන්න උත්සහ කරා.. මොකද මම දරුව වෙනුවෙන් ජීවත් වෙන්න ඕන.. නිතර දෙවේලෙ ලෙඩ වෙන්න ගත්තොත් මගෙ නොදරුව තනි වෙයි කියන බය දැනුනා..

යීබෝ මාව බලහත් කාරෙන් එයාගෙ කර ගත්තා තමයි.. එයා අපේ ජීවිතේට ආපු නිසා මගෙ අම්මවත් මට නැති උනා තමයි.. ඒත් එයා මටයි දරුවටයි අඩුවක් කරේ නෑ කිසි දේකින්.. මම යීබෝගෙන් ඈත් වෙලා හිටියත් යීබෝ මටත් නොසෑහෙන්න ආදරේ කරා.. ඒක මට දැනුන හොදටම.. ඉතින් අන්තිම කාලෙදිත් එයා වචෙනෙන් පවා මාවයි දරුවවයි පරිස්සම් කරා.. එහෙම මනුස්සය අපිව දාල ගියා කියන එක දරා ගන්න අමාරුයි මට කොච්චර කලත්..

නින් මාසෙට එක සැරයක් අපිව බලන්න එනවා.. සමහර වෙලේට මම අහන ප්‍රශ්න වලට ඒ දෙන්නම නිරුත්ත උන අවස්ථාද නැතුවම නෙවේ.. මම දන් නෑ එයාල මොනා නිසාද මට බොරු කර කර මේ ගමක මාව තියන් ඉන්නෙ කියල..

කොහොම උනත් මට ඕන වෙලා තිබ්බෙ රස්සාවක් කරල මගෙ දරුවවත් අරගෙන මේ ගමෙන් යන්න...මොකද මට දරුවව බලා ගන්න බැරි කමක් නෑ.. මම පිරිමියෙක් ඉතින් මට පුලුවන් තනියම ජීවිතේ ගැට ගහගන්න.. මගේ එකම අරමුණ වුනේ දරුවව අඩුවක් නොකර ජීවත් කරවන එක විතරයි.

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now