✳️CHAPTER 34✳️

1.9K 321 56
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

සීතල හුළං මැද.. කොළ පාට තණකොළ පිස්සක මම ඉදගෙන හිටියෙ මගෙ ඉස්සරහින් පේන දග කාර මුහුද දිහා බලන්..අදුර වැටීගෙන එන අහසින් ඉර මුහුද සිඹගන්න අයුරු මම බලන් හිටියෙ හිතට ලොකු සහනයක් දැනෙද්දි..

"" සුදූ..""

ඒ කටහඬ.. මගේ පිටි පස්සෙන් ආපු කටහඬ මගේ බොබෝගෙ.. මම බෙල්ල හරෝල එයා දිහා බැලුව.. එයා හිටියෙ හිනා වෙලා මන් දිහා බලාගෙන...

එයා මන් ලගින් ඇවිල්ල ඉද ගත්තෙ ගොඩට රැල්ල ගහන මුහුද දිහා බලාගෙන..

එයා මන් ලගින් ඇවිල්ල ඉද ගත්තෙ ගොඩට රැල්ල ගහන මුහුද දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" මොනාද කල්පනා කරන්නෙ..""

"" අපි ගැන..""

එයා මගෙන් හරිම නිවිච්ච ස්වරූපෙකින් ප්‍රශ්නයක් අහපු සැනින් මම පිළිතුරු දුන්නා..

"" ඉක්මනට හැමදේම විසදෙයි සුදූ..""

"" ඔයා මන් ලග ඉන්නවනම් හැම ප්‍රශ්නයක්ම විසදෙයි..""

මම එයාගෙ උරහිසින් ඔලුව තියාගෙන හිටියෙ මේ වෙලාවෙ හිතට දැනෙන නිදහස කවදාවත් නොදැනෙන ඔලුවෙ බරක් බිමින් තිබ්බ කියල මට දැනෙන්න ගත්ත නිසා..

එයා මාව බදාගෙන ඒ තුරුලට ගද්දි.. මට එයාගෙ හදවතේ ස්පන්දනය එයාගෙ හුස්ම පවා මට දැනෙනවා.. එයාගෙ පපුවෙ උණුහුමෙන් ලැබෙන සැනසීම මට කොහෙන්වත් ලැබෙන් නෑ..

මෙච්චර කාලයක් හිතේ තියන් හිටපු ලොකු දුකක් මම මේ සීතල සුළං එක්ක මුදා හැරිය වගේ මට දැනෙන්න ගත්තා..

"" මල්ලි...මල්ලි..""

දුරින් වගේ මට කටහඬක් ඇහෙන්න ගත්තා.. වට පිටාවම අදුරු වෙලා ගියා වගේම..මෙච්චර වෙලා මන් ලග හිටපු යීබෝත් පේන්න නැතුව ගියා..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now