✳️CHAPTER 48✳️

2.5K 314 46
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" මම්මා කුක්කු ඕන මත..""

මගේ කුසට දැන් මාස හයක් වෙනවා... මාස තුනක් වගේ කාලයක් කයිව මගෙන් ඈත් කරල තිබ්බෙ මාව පරිස්සම් කරන්න ඕන උන නිසා යීබෝට.. දැන් දැන් වෙනදටත් වඩා පුතා මගේ ඇගේ එල්ලෙන්නෙ මම එයා ගැන උනන්දුවක් නෑ කියල හිතලද දන් නෑ.. හැම වෙලාවෙම මගේ අස්සෙම ඉන්න පුතා පුරුදු වෙලා..

"" මමා ඔයාට කුක්කු දුන්නොත් කෝ චූටි බබාට කුක්කු..""

මම පුතාව මගෙ කකුල් දෙක අස්සට අරගෙන නලල සිප ගද්දි.. පුතාගෙ ඇස් ගියෙ මගේ ඉදිරියට නෙරල තියෙන කුසට..

""තූති බබාට කුක්කු ඕනද මම්මා..""

"" ඔව් පුතේ.. මමාගෙ කුක්කු චූටි බබාගෙනෙ.. මගෙ පුතා කුක්කු බීවොත් මමාගෙන් චූටි බබාට කුක්කු නැති වෙනවනෙ..""

"" අනේ මම්මා..""

"" සුදු පුතා මෙහෙ එන්න මමාට වද නොදී..""

පුතා මන් ලග දැවටි දැවටි කුක්කු ඕන කියද්දි.. අත්තම්මා සාලෙ ඉදන් කෑ ගහද්දිම පුතා මගෙන් මිදිල එලියට දිව්වා.. පපුව පිරෙන්න ලොකු හුස්මක් අරන් පිට කරපු මම ඔහේ පැත්තක් බලන් ඉද්දි.. බාතෲම් එකේ දොර ඇරුන සද්දෙ එද්දි.. මම ඒ දිහා බලද්දි යීබෝ මන් දිහා බලන් ලගට ආවා..

"" අමාරුයිද සුදූ..""

"" හ්ම් ටිකක් ""

මම එයා දිහා බලල බනී හිනාව දාද්දි.. එයා මගෙ ඉස්සරහ දණ ගහල ශර්ට් එක ඉස්සුවෙ මන් එයා දිහා ආසාවෙන් බලන් ඉද්දි..

"" මගෙ චූටි දුව මමාට වද දෙනවද හ්ම්...""

එයා මගෙ බෝල හැඩැති කුස එහා මෙහා අත ගෙනියන ගමන් කුසට හාදු තියද්දි.. චූටි පැටියත් පයින් ගහන්න ගත්තෙ පපාගෙ කටහඬ අදුන ගෙන වගේ..

"" දග කරන්න එපා ඉතින්... මමා ගොඩක් අමාරුවෙන් ඉන්නෙ මගෙ වස්තුව.. දැන් දොයියගන්න හරිද පපා ලගමයි ඉන්නෙ ඔයාගෙ..""

""අ...යි..යෙ..""

එයාගෙ ඒ වචන මගේ ඇස් වලින් කදුළු ගෙන එන්න සමත් වෙද්දි.. එයා මන් දිහා බලල නැගිටල ඇවිත් මන් ලගින් ඉද ගත්තෙ මාව ඒ තුරුලට ගන්න ගමන්..

THE MISTAKE OF LOVE [completed]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ