🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷හවස හයත් වෙලා මට යීබෝ එක්ක කතා කරන්න බැරි උනා අපි ගැන.. මොකද එයා දවල් වැඩකට එලියට ගිය නිසා.. ඉතින් මාත් පස්සෙ හැමදේම එයාට කියනවා කියල හිතාගත්තා..
පැටියව සෝදල අලුත් ඇදුමක් අන්දවල මම සෙල්ලම් බඩුවක් අතට දීල ඇදෙන් තියල මම ටවල් එකත් අරන් බාතෲම් එකට ගියෙ පාටි එකට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා..
තියන ඇදුමක් ඇදගෙන කොණ්ඩෙත් උඩට කරල හදාගෙන දරුවත් වඩාගෙන මම පල්ලෙහාට බැස්සෙ චෙන් ඉන්නවද කියල බල බල.. හිතුව වගේම චෙන් නිනා එක්ක tv serious එකක් බලමින් හිටියෙ වශී වෙලා වගේ..
"" ආහ් මල්ලි කොහෙ හරි යන්නද..""
"" ඔව් යාලුවෙක්ගෙ බීච් පාටි එකකට..""
"" තනියමද යන්නෙ..""
"" බින් එනවා මාව ගන්න..""
චෙන් එතනින් එහා නිහඩ වෙද්දි.. මගේ අතේ හිටපු දරුව නින් එයාගෙ ඔඩොක්කුවෙ උඩින් තියා ගත්තා..
"" යන තැනක පරිස්සමින් මල්ලි..""
මම දොර ලග හිටන් ආයෙත් හැරිල බැලුවෙ චෙන් මට අන්තිමට කියපු වචන ටික නිසා..
ලොකු හුස්මක් අරන් පිට කරපු මම ෆෝන් එකෙන් බිනාට මිස් කෝල් එකක් ගහන ගමන් ගේට් එකෙන් එලියට ගියා..වෙනදට නැති සීතලකුත් අද ඇවිල්ල.. මම අත් දෙකෙන්ම මගේ ඇග ඔතාගෙන හිටියෙ සීතල වැඩි නිසා.. රෑ හතට කිට්ටු වෙලා නිසා හැම තැනම කලුවරයි.. මම පාර අයිනෙ හිටගෙන පාර දෙපැත්ත බල බල හිටියෙ බින්ගෙ බයික් එක පේන්න තියෙනවද කියල.. කලා මැදිරි ආලෝකයක් ඈතින් මන් දැක්කෙ බිනා මග කියල මගේ හිතට සැනසීමක් දැනෙද්දි.. ඩක ඩක ඩක ගගා පරන ලැටිස් බයික් එකේ සද්දෙ එද්දි මට හිනත් යන්න ආවා.. මොනා උනත් යාලුවගෙ ආදරනීය බයික් එක නිසා හිනාව හිර කර ගත්තා..
"" නැගහන්..""
මන් ලගින් බයික් එක නවත්තපු බින් මට එහෙම කියද්දි.. මම පැනපු ගමන් උගෙ කරේ එල්ලිලා බයික් එකට නැග්ගෙ..
මෙච්චර දවසකට සතුටු වෙන්න කියල මම ගෙයින් එලියට ගිහින් නෑ.. පලවෙනි වතාවට මම දරුව ලැබුනයෙන් පාස්සෙ මේ සතුටු වෙන්න යනවමයි.. ඉතින් පොඩි සතුටක් නැතුවම නෙවේ.. ඒත් මගෙ හිතට අමුතුම බයකුත් දැනෙනවා.. සමහර විට මගේ වටේ තියෙන ප්‍රශ්න ගොඩ නිසා එහෙම වෙනවා ඇත්තෙ කියල මට හිතුනෙ..
YOU ARE READING
THE MISTAKE OF LOVE [completed]
Fanfictionඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔