✳️CHAPTER 49✳️

2.3K 295 66
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

"" ලොකු අයියෙ මෙහෙන් ඉදගනින් බං..""

"" මට බයයි චෙනා ශාන්ට අමාරුයිනෙ ගොඩක්..""

ශාන්ගෙ ඩිලිවර් එක කරනවා කියපු දිනේ තිබ්බෙ හෙට ඒත් අද උදේම ශාන්ට අමාරු උන නිසා මායි චෙනායි ඉක්මනට අරගෙන ආවා එයාව හොස්පිටල් එකට.. ශාන්ගෙ කෑ ගිහිලි එක්ක ට්‍රොලියෙ දාගෙන කෙලින්ම තියටර් එකට ගද්දි.. මම දැන් පැය බාගෙක වෙලාවෙ ඉදන් දොර ලග එහෙට මෙහෙට කැරකි කැරකි හිටියෙ නොසන්සුන්ව..

"" මල්ලිට කරදරයක් වෙන් නෑ අයියෙ.. බය නොවී ඉන්නකො..""

ශාන්ට බබා ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්ත දවසෙ ඉදන් මම එයාව ඇහැක් වගේ පරිස්සම් කරේ අපේ චූටි පුතාගෙන් ඉදල.. එයා කන්න කැමති කෑම බීම හැමදේම ලගට ගෙනත් දුන්නෙ මාස අට වගේ වෙද්දි ශාන්ට ඇවිදගන්නත් අමාරු උන නිසා..

අපේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දි මොන වගේ දුකක් ශාන් විදින්න ඇද්ද කියල මම තේරුම් ගත්තෙ එයා එක්ක මේ කාලෙ ඉන්න අතර තුර..සමහර දවස් වලට එයාට රෑ නින්දක් වත් නැතුව තියෙද්දි මම එයා ලගට වෙලා හිටියෙ එලි වෙනකන් ඔලුව අතගගා එයාට නින්ද යනකන්.. තවත් දවස් වල එයාට කොන්දෙ කැක්කුම එද්දි මම කොන්ද පවා අත ගෑවෙ මගේ ඇස් වල කදුළු හංගගෙන..

මම නිසා අපේ දරුවො නිසා එයා විදින වේදනා බලන් ඉන්න මට බැරි උනත් මේක ලෝක ස්වභාවය.. හැම අම්මෙක්ම මේ විලි රුදාව විදිනවා මාස දහයක් තිස්සෙ.. ඒත් මගේ ශාන් කොල්ලෙක්.. එයාට දරා ගන්න බැරි බව මම හොදා කාරවම දන්නවා.. එයා බඩක් උස්සන් අමාරුවෙන් ඇවිදපු විදිහ දැක්කම මට හිතුනෙම ඇයි දෙයියනේ මට බැරි එයාගෙ වේදනාව ගන්න කියල.. එයා මාව බදාගෙන සමහර දවස් වල කදුළු හලද්දි.. මම එයාටත් හොරෙන් ඇඬුවෙ මගේ කොල්ල විදින වේදනාව බලන් ඉන්න බැරි නිසා.. ඉතින් අද මගේ සුදූ වේදනාවෙන් කෑ ගහල මට බෑ දරා ගන්න කියල අඬ අඬ මගේ අතේ එල්ලිලා හිටපු වෙලේ මගෙ පපුව පැලෙන්න ආවා.. මොකද ශාන් කියන්නෙ මගෙ පන... මගේ ජීවිතේ වගේම මගේ ආදරේ...

"" පේශන්ගෙ හස්බන්ඩ් ඔයාද..""

"" ඔව් ඩොක්ටර්..""

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now