✳️CHAPTER 17✳️

2.4K 370 41
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

වාහනේ යන්නෙ පාලු පාරක.. මනුස්සයෙක් පේන්නත් නෑ.. වාහනයක් වත් පාරෙ යන්නෙ නෑ..මම වීදුරුවට ඔලුව තියාගෙන පාර දිහා බලන් හිටියා.. අඬල අඬල පන නැතුව හිටිය මම.. දරුව ගැනවත් බැලුවෙ නෑ.. දරුවට යීබෝගෙ අත උඩම නින්ද ගිහින් තිබ්බා..

අපි මේ කොහෙද යන්නෙ කියලවත් මම දන්නෙ නෑ.. මොකද මම හිටියෙ ඒ දේවල් අහන්නවත් හිතන්නවත් පුලුවන් තත්වෙක නෙවේ.. මට අම්ම ලේ පෙරාගෙන වැටිල හිටිය විදිහ මතක් වෙන හැම වෙලේම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.. මොකද තාත්තා නැති කාලෙ අම්ම මාව අතක් පයක් නොකඩ හැදුවා.. කිසිම අඩු පාඩුවක් කරේ නෑ..එයාගෙ අන්තිම හුස්ම දක්වාත් එයා කරේ මාව රැකපු එක.. ඉතින් මගෙ අම්ම ආයෙත් එන් නෑ.. මට අදින් පස්සෙ අම්ම කියල කතා කරන්න කෙනෙක් නෑ.. මගේ දුක මට විතරක් තනියම දරා ගන්න වෙලා. මොකද නැති උනේ මගෙ අම්ම නිසා.

හිම වැටෙනවා.. නත්තලට තව දවස් තුනයි.. ඒත් දෙවියො මගෙ අම්මව නත්තලට කලින් ගත්තා.. ඉතින් මෙදා පාර නත්තලක් නෑ.. අම්ම නැති නත්තල් මට ඕන නෑ.. මට කේන්ති දුකයි.. ඔක්කොම මරාගෙන මටත් මැරෙන්න හිතෙනවා.. නැත්තම් මේ වාහනෙන් එලියට පයින්න හිතෙනවා..

ඒත් මම ඉවසන්නෙ එක හේතුවක් නිසා.. මගෙ දරුවට ඉන්නෙ මන් විතරයි.. එයාට තවම කිසි දෙයක් තේරෙන් නෑ.. කිරි සප්පයා කාලෙ අම්ම නැති උනොත්.. එයාටත් වෙන්නෙ මට වෙච්ච දේ මයි.. මම හුස්ම අල්ලන් ඉන්න ඕන මගෙ දරුවව රැක ගන්න නම්..

මගෙ ඇස් අගින් කදුළක් වැටෙද්දි.. මම පිට අල්ලෙන් පිහිදගෙන.. මගෙ පොඩි එකාගෙ නලල සිප ගත්තෙ.. එයත් මන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දි.. මෙච්චර වෙලා කිසිම සිහි කල්පනාවක් නොතිබ්බ මගෙ එක පාරට ඇති උන වෙනසට එයාටත් පුදුම හිතෙන්න ඇති..

හැබැයි යීබෝ තමුසෙත් හොද වෙන්න හැදුවට මගෙ ඉස්සරහ.. ඔයත් කරේ මට අපරාදයක් තමයි.. හොදට හිටපු අපේ පවුලට හෙන හුරා වගේ ඇවිත්.. මගෙ ජීවිතේත් විනාස කරල මගෙ අම්මවත් උදුර ගත්තා..

මම එයා දිහා බලන් ඉද්දි ඇස් පිය නොගහා.. දරුවගෙ මූණ දිහා බලන් හිටපු එයා.. මම බලන් ඉන්නවා කියල දැනිලද කොහෙද මන් දිහා බැලුවා..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now