✳️CHAPTER 29✳️

1.6K 302 101
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

දැන් රෑ හතත් පහුවෙලා.. එලියෙන් ඇහුනෙ වාහනේක සද්දයක්.. මේ වෙලාවට ඉතින් එන්නෙ චෙන් කියල මම දන්නවා.. දරුවට තුරුල් වෙලා මම ඇස් පියාගෙන ඉද්දි..

"" ශාන්..""

චෙන් මට කතා කරන සද්දෙ එලියෙන් ඇහෙන්න ගත්ත නිසා...මම ඇදෙන් බැහැල කාමරෙන් එලියට ආවා.. චෙන් හිටියෙ සෝෆා එකෙ ඉදගෙන නලල පිරිමදිමින්..

"" ඇයි කතා කරේ..""

"" ආහ්.. මේ අද ඔයා කොහෙ හරි ගියාද..""

"" ඔව් නැන්ද එක්ක ටවුමට ගියා.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..""

"" නෑ.. කවුරුවත් ඔයාව දැක්කෙ එහෙම නෑනෙ..""

මට එක පාරටම මතක් උනේ ඩැරන්ව.. ඒත් මම එයාව හම්බ උනා කියල කිව්වොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා මම ඒක විතරක් හංගන්න හිතුව..

"" නෑ ..""

"" හ්ම්.. ගෙදර අඩු පාඩු තියෙනවනම් මට කියන්න ශාන්.. මම ගෙනත් දෙන්නම්..""

මම ඔලුව වනද්දි.. එයා එද්දි අරන් ආපු මල්ලත් උස්සගෙන එයාගෙ කාමරේට ගිහින් දොර වහගත්තා..

චෙන් කොහොමද දැන ගත්තෙ මම එලියට ගියා කියල.. අනික එයා කියන විදිහට මම මේ ගේ අස්සෙ හිර කාරයෙක් වගේ ඉන්න ඕනද මගෙ දරුව එක්ක.. බලමුකො රස්සාවක් ලැබුන ගමන් මම යනවා යන්න.. චෙන් මගේ පවුලෙ කෙනෙක් නෙවේනෙ එයාගෙ යටතෙ මම ඉන්න.

කේන්තියෙන් හිටපු මම කාමරේට ගිහින් දොර වහගෙන ඇදට ඇවිල්ලත් කල්පනා කරේ මොකද්ද මම කරන්නෙ කියල ඉස්සරහට..

************************************

උදේම චෙන් ගියා වැඩ වගයක් තියෙනවා කියල.. මට නම් ඕව හුරුයි දැන්.. ඉතින් නැගිට්ට ගමන් මම වොශ් දාගෙන දරුවට කිරි දීල කෑමත් හදලම තමයි කෑම කන්න ගත්තෙ..

චෙන් ඊයෙ කියපුවා ගැන හිත හිතම මම කෑම පිගාන හිස් කරල තිබ්බ.. මේ අවුරුදු දෙකටම මගේ ජීවිතේ ගෙවුනෙ මෙහෙම.. කනව බොනව නිදාගන්නවා.. ඉතින් මට එපා වෙන් නැතුව තියේද මෙහෙම ඉදල..

පීක් පීක් පීක්

එලියෙන් කාර් එහෙක හෝන් ගහන සද්දයක් එද්දි මම දුවල ගිහින් බැලුවෙ ජනේලෙන් කවුද කියල.. කාර් එකේ ශටර් එක පොඩ්ඩක් පහත් කරල ලියුමක් වත්තට දාල කාර් එක විදගෙන යනන් ගියා.

THE MISTAKE OF LOVE [completed]Donde viven las historias. Descúbrelo ahora