✳️CHAPTER 33✳️

1.9K 335 107
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

මම රෑ එයාගෙ කාමරේ එක මොහොතක්වත් ඉන් නැතුව මගේ කාමරේට දුවන් ඇවිත් ඇදට පැනල මූණ කෝට්ටෙ අස්සෙ හංගන් අඬන්න ගත්තා..

යීබෝට අපිව මතක නෑ තමයි.. මම දන්නවා එයා මේ හැමදේම කරන්නෙ නොදැන කියල.. ඒත් එයා කෙල්ලො එක්ක පිස්සු නටද්දි මගේ පපුව රිදෙන්නෙ.. මම නැති කාලෙත් එයා කරන්න ඕන දහ දුරා වැඩ ඔක්කොම කරල කියල දැන් මට තේරෙනවා..

මම අපරාදෙ මෙහෙ ආවෙ.. මට යන්න තිබ්බ දරුවත් අරගෙන ඈතකට.. මට බෑ මේ දේවල් ඉවසන්න දෙයියනේ.. එයාට අපිව පොඩ්ඩක්වත් මතක නෑ.. ඉතින් මම හිටිය කියලත් එයාට මේ වෙනතුරු පරන මතකයක් ආවෙත් නෑ..

එයා මා දිහා බලන්නෙ සතෙක් දිහා බලනවා වගේ.. ඉතින් මේව දරා ගන්න පුලුවන් ද මට.. මාත් ඇට ලේ මස් නහර තියෙන මනුස්සයෙක්.. හිතක් නැති ගානට මම මේව බලන් ඉන්නෙ කොහොමද.. ඉවසීම පැන්න නිසාමයි මම අර කෙල්ලගෙ කනට ගැහුවෙ.. මම වැරැද්දක් කරේ කියල හිතන් නෑ.. මොකද මම වගේම යීබෝගෙ යාලුවොත් දන්නවා මායි දරුවයි එයාගෙ කවුද කියල.. පිට එකියක් ඇවිත් යීබෝගෙ කරේ නගින්න ආවොත් මම මරන්න උනත් දෙපාරක් හිතන්නෙ නෑ..

උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් පැටිය මූණත් රතු කරන් අඬන්න අරන් තිබ්බ.. කිරි දුන්නත් අඬන එක නතර උනේ නෑ  බැරිම තැන මම පැටියව වඩාගෙන කාමරේ එහාට මෙහාට ඇවිද්දෙ එයාව නලවගන්න උත්සහ කරමින්..

"" මල්ලි ඇයි චූටිය අඬන්නෙ..""

කාමරේ දොර ලග ඉදන් චෙන් මගෙන් ඇහුවෙ දරුව දිහා බලාගෙන..

"" අනේ දන් නෑ.. අඬන එක නතර කරන්නෙම නෑනෙ..""

"" කෝ දෙන්නකො..""

චෙන් මගෙ අතින් දරුවව වඩාගෙන පල්ලෙහාට ගියා.. මම දරුවගෙ කිරි බෝතලේ අරගෙන පල්ලෙහාට ගිහින් බලද්දි.. චෙන් පේන්න හිටියෙ නෑ සාලෙ..

"" ලොකු අයිය වගේමයිනේ බං..""

එලියෙන් හිනා වෙන සද්ද එක්ක හඬවල් ඇහෙද්දි.. මම ගාර්ඩ්න් එකට ගිහින් බැලුවම.. චෙන් හිටියෙ දරුවව උඩ දදා හිනා වෙවී.. එයා ලග නින් වගේම ජින් හිටියෙ මොන මොනාද කිය කිය...ඒ ගොල්ලන්ගෙ මූණු වලින් පෙවුනෙම සතුටින් පිරිල කියල .. පැටියත් හිනා වෙවී එයාල එක්ක හිටියෙ ගොඩක් සතුටින්.. මම හිනා වේගේන එයාල දිහා බලන් හිටියෙ කවදාවත් නැතුව අපි අද හිනා වෙනවා නේද කියල හිත කියද්දි..

THE MISTAKE OF LOVE [completed]Where stories live. Discover now