පස්වන කොටස

166 26 9
                                    

එලාම් එකේ සද්දෙට උදෙන්ම ඇහැරෙද්දි නම් ඊයේ රෑ නිකිල්ව ගිහින් දාන්න පොරොන්දු වුනු එක මහ මෝඩ වැඩක් කියලා හිතුනා.. උදේට තරම් සැපට දවසේ වෙන කොයි වෙලාවකවත් නින්ද යන්නේ නෑ.. ඒත් දැන් කරන්න දෙයක් නෑ... පොරොන්දු වුනානම් මැරෙන මොහොතේ වුනත් පොරොන්දු ඉශ්ට කරන්න ඕනි.. බිමට වැටිලා තිබ්බ සරමත් ඇදගෙන මං සාලේ පැත්තට ගියා.. හරිනම් මේ වෙද්දි නිකිල් ඇහැරලා උයන්න ඕනි.. ඒත් එයා පේන්නවත් හිටියේ නෑ... මං එයාගේ කාමරේ ලගට ගිහින් දොරට තට්ටු කලත් සද්දයක් වත් නෑ.. කොල්ලා ගෙදරින් ගිහින්වත්ද? එහෙම හිතෙනකොටත් හිතට මාරම දුකයි... තවත් බල බල ඉන්නේ නැතුව ලොක් කරලා තිබ්බේ නැති දොර ඇරන් ඇතුලට ගියා... නිකිල් ඉන්නවා... දැන් තමයි හුස්ම වැටුනේ... නිකිල් හිටියට එයා ඉන්න විදිහ දැකලා උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වුනා... ඊයේ රෑ ඇදන් හිටිය සරම නෑ... කකුල් දෙකත් ඈත් කරගෙන ඔක්කොම එලියේ දාගෙන නිදි... උදේ නිසා වෙන්නැති එයාගේ අවයවත් නැගිටලා මූ තාම නිදාගත්තට.... අනිත් පැත්ත හැරිලා කාමරෙන් එලියට දුවන්න හදලත් ආයේ මට නැති එකක්ද කියලා හිතලා මං එයා ලගට ගිහින් මුලින්ම පැත්තක තිබ්බ බ්ලැන්කට් එක එයාගේ ඇග උඩට දැම්මා.. පස්සේ එයාට නැගිටින්න කියලා කතා කරලා, ලයිට් එකත් දාලා, ෆෑන් එකත් ඕෆ් කරලා මං ගියා මූණ හෝදගන්න...

මං මූණ හෝදන් එනකොටත් මේකා නැගිටලා නෑ... මං තේ එකකුත් හදාගෙන ගියේ දැන් නම් ගොඩාක් පරක්කු වෙලා තිබ්බ නිසා... ආයේ කතා කලාම හ්ම්ම් ගාගෙන මගේ පැත්තට හැරුනා... ආපහු භාගේට හෙලුවෙන්... නෑ මං බැලුවේ නෑ.. උදේම එක එක ඒවා දැක්කම හරි අවුල්...

" නිකිල් නැගිටිනවා.... දැන් කී පාරක් කතා කලාද ? "

" ම්ම්ම්හ්.... "

" ඊළඟට කතා කරන්නේ මං නෙවෙයි මේ වතුර එක... "'

ඒත් නිකිල් නෙවෙයි ඇහැරුනේ... මට තරහයි... ඇයි මෙච්චර මුරණ්ඩු... මමද වැඩට යන්නේ එයාද? පරක්කු වෙලා ගිහින් බොසා බැන්නා කියලා අඩන්න ගත්තොත් නම් ගහනවා මං අඩන එක නතර කරනකල්ම... කොච්චර කතා කලත් නැගිට්ටෙම නැති නිසා මං මේසේ තිබුන වතුර වීදුරුවක් අරන් ඇගේ හැලුවා... ඒ පාර නම් කෙදිරි ගාගේනම නැගිට්ටා..

    Frozen Romance  ( මිදුනු හදවත් ) Wo Geschichten leben. Entdecke jetzt