...............දින තුනකට පසු............
අපි පතනා ජීවීත
සමහර තැන්වල
මුණගැහුණත් මේ ලෝකේ....
හැම හමුවීමම කෙලවර වන්නේ හිමිවීමෙන් නොව අවසානේ.........අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්රේමයක්......සම්පූර්ණයෙන්ම සුදුපාට හිස් කොලයක් වගේ ලෝකේකින් ආපහු පියවි සිහියට එද්දි මට මුලින්ම ඇහුනේ හරිම හුරුපුරුදු මියුරු කටහඬකින් මුමුණන ගීතයක්.. ලස්සන පද පේලියක්.... ඒ ලස්සන පද වලට පණ දෙන්න වගේ තාලේකට ඇහෙන හරිම සන්සුන් ගිටාර් වාදනයක්.. ඔව් මට දැන් වටපිටාවේ සද්ද ඇහෙන්න අරන්... ඒ හැමදේම ඇහෙන්න තරම් මගේ කන් දැනටමත් පියවි ලෝකේට ඇවිත්....ඒත් ඇස් දෙක... නෑ ඒවා තාමත් අර මං කිව්ව තනි සුදුපාට ලෝකේ... මං ඇස් දෙක අරින්න ලොකු උත්සහයක් ගත්තත්, මං සාර්ථක වුනේ නෑ... ඇස් ගම් ගාලා අලවලා ඒ උඩින් ගල් කැට තියලා වගේ බරක් ඇස් අරින්න උත්සාහ කරන මට දැනුනත්, විනාඩියක විතර තරගකාරී ඒක පුද්ගල මෙහෙයුමකින් පස්සේ මට ඇස් ඇරගන්න පුළුවන් වුනා..
ඇස් ඇරපු පළවෙනි තත්පරේම මං දැක්කේ මට පිටුපාලා ඉදගෙන ඉන්න මියුරුව.. සුදු පාට අත්දිග ලිනන් ෂර්ට් එකක් ඇදලා, ඒක වැලමිට වෙනකම් නවලා, කැරකෙන පුටුවක වාඩිවෙලා, දකුණු පැත්තේ කකුලට බර දීලා, ගිටාර් වාදනය කරන ගමන් තාලේට මුමුණන ඒ ගීතය කලබල වෙලා තිබුන මගේ හිතට පුදුමාකාර සැනසීමක් ගෙනාවා කිව්වොත් හරි... හරියට ග්රීක දේව ප්රතිමාවකට පණ ඇවිත් වගේ... මියුරුගේ පෙනුම, කටහඬ දෙකම මං චූටි කාලේ අහපු සුරංගනා කතාවක තරම් අතිශය සුන්දර වෙද්දි මට මොහොතකට හිතුනේ මං මැරිලා දිව්ය ලෝකේ ගිහින් වත්දෝ කියලයි... ආපහූ පියවි ලෝකේට ඇවිත්, මගේ කටහඬ අවදි කරන්න කලින් මං විනාඩි කිහිපයක්ම ඒ ලස්සන දිහා බලන් ඇති...
" ම්ම් මි...යු...රු..... "
එක වචනයයි... මෙච්චර වෙලා දැහැනකට සමවැදිලා වගේ හිටපු කොල්ලා කරන්ට් වැදිලා වගේ හරි ඉක්මනට මගේ පැත්තට හැරිලා මං දිහාට දුවගෙන ආවා...
ESTÁS LEYENDO
Frozen Romance ( මිදුනු හදවත් )
No Ficciónආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -