එකිනෙකාව තුරුල් කරගෙන සිපගත් සුන්දරම විනාඩි ගානකට පස්සේ අපි අපෙන් ඈත් වුනේ හරියටම වචන වලින් මෙහෙමයි කියලා කියාගන්න බැරි තරම් සුන්දර, ප්රබෝධමත් හැගීමක් හිත පුරාම හොල්මන් කරද්දි... ආදරේ හරි ලස්සනයි... විද්යාත්මකව ගත්තොත් ආදරේ කියන්නේ මොලයේ තියෙන ඩෝපමීන් වගේ සතුට දනවන හෝර්මෝන ලෙවල් එක වැඩි කරවන දෙයක්, කලාත්මකව බැලුවොත් වලාකුළු උඩ පාවෙනවා වගේ සැහැල්ලුවක් මනුස්සයෙක්ට විදින්න පුලුවන් ලස්සනම හැගීමක්, එක එක අය මොන මොන විදිහට ආදරේ විග්රහ කරන්න උත්සාහ කලත් මට දැනුනේ එකම දෙයයි.. ආදරේ කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න බැරි ලස්සනම හැගීම් සමුදායක් කියලයි.... තමන්ට ආදරේ කරන, තමන්ට ආදරේ බව දැනෙන මනුස්සයෙක් එක්ක හුවමාරු වෙන පුංචිම පුංචි හාදුවක්, එකම එක වැලදගැනීමක් කියන්නේම මේ ප්රශ්න පිරුණු ජීවිත වලට කොච්චර සල්ලී තිබ්බත් ගන්න බැරි හරිම සැනසිලිදායක හැගීමක්... තමන් වෙනුවෙන් මේ ලෝකේ තව කෙනෙක් ඉන්නවා කියලා දැනෙන එකම කොච්චර දෙයක්ද ? මේ විනාඩි ගානට මං ඒ හැගීමට එච්චරටම ඇබ්බැහි වුනා... ඔව් ආදරේ කියන්නෙත් එකපාරක් හදවතටම දැනුනොත් ආයේ ජිවීතේටම ගැලවෙන්න බැරි ඇබ්බැහියක්...
" සුදු අයියේ.... "
මගේ පපුවටම තුරුල් වෙලා ඉන්න මගේ මැණික් කැටේගේ කටහඩින් මං එයා දිහා බැලුවා.. චූටි ඇස් දිලිසෙනවා, කම්මුල් දෙපැත්ත ලාවට රතු වෙලා, මෙච්චර වෙලා මගේ පහසට නතු වෙලා තිබ්බ ඒ තොල් තාමත් රතු වෙලා දිලිසෙනවා... නළලට වැටිලා තිබ්බ අකීකරු හිසකෙස් අතින් එහාට මෙහාට කරලා මං ඒ සුදු නළලත මත හාදුවක් තිබ්බා... ඒ සිනිදු හමේ පහසින් ඈත් වෙන්න හිත ලෝබකම් කරද්දී මං නිකිල්ව පෙරළගෙන එයාගේ ඇඟ උඩට ආවා... අත් දෙකෙන්ම ඒ මූණ අල්ලගත්ත මං ආපහූ එයාගේ තොල් මගේ යටතට ගත්තේ නිකිල්ගේ මුවින් ශෘංගාරාත්මක කෙදිරියක් පිටවෙද්දී...
VOUS LISEZ
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -