සිකුරිටි අන්කල් එක්ක කතා කරලා එහා පැත්ත හැරෙද්දිම මං දැක්කේ කළු කලිසමට දම් පාට අත් දිග ශර්ට් එකක් ඇදන් එළියට එන නිකිල්ව.. හරි හදිස්සියෙන් එළියට ආව එයා කෙලින්ම ගියේ කාර් එක ළඟට... මාත් ඉක්මනටම එතනට දුවන් ගියා..
" නිකිල්.... නිකිල්...... "
මං කතා කලාට නිකිල් නැවතුනේ නෑ... මං හිතන්නේ එයාට ඇහුනේ නෑ.. ආපු වේගේටම වාහනේට නැගපු එයා වාහනේ රිවස් කරගෙන එතනින් ගියේ මුලු ග්රවුන්ඩ් එකම දුවිලි වලාවකින් වැහිලා යද්දී.....
" හේයි නිකිල්....... නි...කිල්...... !! "
දූවිලි වලාව මැදින් ඉස්සරහට ඇදිලා යන වාහනේ දිහා බලාගෙන මං අඩි කිහිපයක්ම ඉස්සරහට දුවගෙන ආවේ නිකිල්ගේ නම කියලා කෑගහන අතරේමයි...... මං දුවන් ආපු වේගේවත්, මගේ කෑගැල්ලේ සද්දේවට්ග් වැඩක් වුනේ නෑ.... ඒ යන වේගේට මට ඒකට ලං වෙන්න හිතන්නවත් බෑ... ආපු වේගෙන්ම පාරේ එහා පැත්තට පැන්න මං, මගේ බයික් එකත් යූ ටර්න් එකක් ගහලා පාරට අරන් නිකිල්ගේ වාහනේ ගිය පැත්තට දාගත්තා.. දෙයියනේ මට ඒක මග හැරෙන්න නම් එපා... බයික් එක ඉස්සරහට යබ අඩියක් අඩියක් ගානේ මං ප්රාර්ථනා කලේ ඒක... නිකිල්ගේ වාහනේ අන්තිම අංක ටික මට ලාවට වගේ මතකයි... 0579... වාහනේ කළු පාට රේන්ජ් රෝවර් එකක්..
පාරේ නිදහසේ යන්න පුලුවන් වුනේ ටික දුරයි... බණ්ඩාරවෙල ටවුන් එකට දාද්දි පුදුම ට්රැෆික් එකක්.. පුලුවන් තරම් වාහන අස්සෙන් දාදා ට්රැෆික් එකේ ඉස්සරහටම ගියා.. අට ගහලා ලයිසන් ගත්තේ එකේ වාසිය ඒකයි.. ඕනි තැනකින් රිංගලා යන්න පුලුවන්... එහෙන් මෙහෙන් දාලා ට්රැෆික් එකේ ඉස්සරහටම ගිහින් බයික් ගොඩක් අස්සේ හිර වුනාම මට හිතුනේ මට නිකිල්ව මගහැරුනා කියලයි...
ඒත් තව ටික ටික ට්රැෆික් එකේ ඉස්සරහට යද්දී යාන්තමට නිකිල්ගේ වාහනේ දකින්න පුලුවන් වුනා... තව ටිකක් හරි මට එතනට ලංවෙන්න බැරි වුනත් එයා ඇස් මානෙන් හරි ඉන්න එකම සැනසීමක් වුනා.. ට්රැෆික් එක ටික ටික ඉවරවෙලා වාහන අතුරු පාරවල් වලට දාද්දී නිකිලුත් වම් පැත්තට හරවලා ලයිට් එකක් වත් දාලා නැති පොඩි අතුරු පාරකට දාලා නොපෙනී ගියා...

ŞİMDİ OKUDUĞUN
Frozen Romance ( මිදුනු හදවත් )
Kurgu Olmayanආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -