" මං ඔයාටත් මගේ ජීවිතේ ෆර්ස්ට් ක්ලාස් ටිකට් එකක් දුන්නොත් ඔයා ඒක භාරගන්නවද නිකී බබා ම්ම්ම්.... "
කතාවල කොල්ලන්ට වගේ ලස්සනට ආදරේ කියන්න මට තේරේන්නේ නෑ... හිතට ගැම්මක් අරන් කටට ආපු ඔක්කොම ටික මං හිතන්නේ බලන්නේ නැතුවම කියලා දැම්මා... ඊටපස්සේයි මං නිකිල් දිහා බැලුවේ.... විනාඩියක් විතර නිකිල් ගල් ගැහිලා වගේ මං දිහා බලන් හිටියා.... ඊටපස්සේ මෙච්චර වෙලා අල්ලන් හිටපු මගේ අත අතෑරලා දැම්මේ එයාගේ කාන්දම් ඇස් හරි කලබලෙන් මගේ මූණේ එහා මෙහා යද්දී... ඇයි එයා එච්චර කලබල වෙලා, එයා මට අකමැතියිවත්ද ? එතකොට මේ අපේ සම්බන්ධේ අවසානයද ? අඩුම තරමේ ඈත ඉදන් බලන්නවත් බැරි තරම් දුරකට නිකිල් මාව දාලා යයිද ? නිකිල්ගේ ඒ හිස් බැල්ම සම්පූර්ණයෙන්ම මාව කලබල කලා... මං හිතන්නේ මං ඒක කිව්ව එක වැරදියි... නිකිල් ඒ වගේ දෙයක් පිලිගන්න සූදානම් නෑ වගේ.... හැබැයි දැන් පරක්කු වැඩී... නිකිල් අත ඇරපු අතත් අරන් මං ටිකක් පස්සට වුනා.... එයා මේක කොහොම භාරගයිද ? කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරෙයි කියනවා වගේ නෙවෙයි, කොල්ලෙක් තව කොල්ලෙක්ට ආදරේ කිව්වම, ඒ කියන්නේ ආදරේ ගැනම නෙවෙයි කියලා හිතෙන්න පුලුවන්.. ආදරේ කියන වචනේ ඉස්සරහට දාලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා කියලා හිතෙන්න පුලුවන්... නිකිල් මොනවා හිතුවත් සත්තයි මං කිව්වේ ආදරේ ගැනම විතරයි.. එයා ගැන නරක විදිහට හිතුවා කියලා නිකිල් මට ගහයිවත්ද ? ශේප් එකේ නිකිල්ගෙන් ටිකක් ඈත් වෙලා, ආපහූ වැව දිහා බලන් හිටියේ එයාගෙන් සැර කම්මුල් පාරක් වුනත් කන්න ලෑස්ති වෙලා...
" අයියේ.... "
ඒ කටහඬ වෙව්ලනවා... මට එයාගේ මූණ බලන්නත් ඕනි, හැබැයි ලැජ්ජයි... ඈතින් පේන දළදා මාලිගාවේ දිලිසෙන ලයිට් එළි දිහා බලාගෙනම මං හිත සන්සුන් කරගන්න උත්සාහ කළා...
" හ්ම්ම්ම්..... "
" ආපහූ කියන්න...... "
" මො...මොකක්ද ? "
" දැන් කියපූ දේ... වටෙන් ගොඩෙන් නැතුව කෙලින්ම කියන්න.... "
" නිකිල් මං .... මේ... මේකයි... "
" කියන්න ඉතින්..... "
කොකටත් කියලා මං කම්මුල පොඩ්ඩක් අතගාලා බැලුවා... මොකද කම්මුල් පාරක් වැදිලා මූණ ඉදිමුණොත් කලින් තිබුණු විදිහ මං මතක තියාගෙන ඉන්න එපැයි... නිකිල්ගේ මූණ දිහා මං එකපාරක් බලලා ආපහූ බිම බලාගත්තේ ඒ ඇස් මගේ දිහාම බොහොම උනන්දුවෙන් බලන් ඉන්නවා කියලා දැනුනු නිසා.. මගේ ඇස් එයාගේ මූණ බලපු තත්පරේදී මං ඒ මූණේ හැගීම් තේරුම් ගන්න උත්සාහ කලත් එයාගේ මූණේ තිබ්බේ සුදු කොලයක් වගේ හිස් බවක්... තරහක්, කලකිරීමක්, අප්පිරියාවක් තිබුණේ නෑ... එයා මොනවද හිතන්නේ කියලා තේරුම් ගන්න අමාරුයි... මං ආපහූ සැරයක් එයා දිහා බල්ද්දී ඇහි බැමක් උස්සලා " කියන්න " කියලා ඇස් වලින් කිව්වා...
BINABASA MO ANG
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -