අපිත් එක්ක ඔහේ කියව කියව හිනා වෙවී හිටපු චූටි මිහි ගියාට පස්සේ මට දැනුනේ පුදුම තරම් පාලුවක්.. වැස්සකට පස්සේ අහස වගේ කිසිම සද්දයක් බද්දයක් නැති කාමරෙන් ටිකක් එළියට යන්න මට ඕනි වුනෙත් මිහි ඇවිත් යද්දි ඉතුරු කරලා ගිය තනිකම, පාළුව මකාගන්න.. මට මේ දැනෙන පාළුව දැනෙන්නේ මිහි නැති නිසාමද, නැත්තම් අද දවසටම නිකිල්ව දකින්න වෙන්නේ නැති නිසාද කියලා ඇත්තටම මට හිතාගන්න බෑ... හිතට දැනෙන අමුතු දේවල් අමතක කරන්න හොදම විදිහ සොබාදහමත් එක්ක තනිවෙන එක... ඒක මට කියලා දුන්නේ නිකිල්.. ඉතින් මාත් ඒ ක්‍රමේම අනුගමනය කරන්න හිතුවා...හොස්පිටල් එකේ ගාර්ඩ්න් එක පැත්තට වීල් චෙයාර් එක තල්ලු කරන් ගියපු මියුරු රෝස පාට මල් වැටුන රොබරෝසියා ගහක් යට පුටුව තියලා, එයත් එතනම තිබ්බ ගල් පඩියේ වාඩි වුනේ ඈත කඳු දිහා බලාගෙනම...
අහස ලා දම් පාට වෙලා.. ඉර ගිනි බෝලයක් වගේ ඈත අහසේ වළාකුළු අස්සේ හැංගෙන්න දඟලනවා... සීතල සුළඟක් අපිව වටකරගෙන හමාගෙන ගියේ ඇස් වලට දැනෙන ඒ අමුතුම මිහිරියාව ගතටත්,සිතටත් දනවමින්...
" මියුරු.... "
" ම්ම්ම්.... "
" සින්දුවක් කියන්න පුළුවන්ද ? "
" දැන්... "
" ඕ........... ඔයා එද්දී ගිටාර් එක ගෙනාවානේ මං දැක්කා.. මං වෙනුවෙන් එකම එකක් කියනවද..."
" මෙතන සිංදු කියන්න ගියොත් අනිත් පේශන්ට්ලට ඩිස්ටර්බ් වෙයි යුරා... "
" හෙමින් කියන්න මට විතරක් ඇහෙන්න..."
"ඔයාට විතරක් ඇහෙන්න ? "
" ම්ම්ම් මට විතරක්...."
" හිටපන් එහෙනම් මං ගිටාර් එක අරන් එන්නම්... උඹ මෙතනම හිටපන් කොහෙවත් යන්න එපා හරිද ..."
" ම්ම්ම්ම්...."
මියුරු ගියාට පස්සෙත් මං ඇස් තිබුනෙම එක එක පාටින් පාට වෙන අහස දිහාවට..ඉර බැහැලා යන්නත් කලින්ම අහසේ පැත්තකින් හඳ පායලා.. ඒ දෙකට මැදින් එක් පුංචි තරුවකුත් දිලිසෙන්න අරන්...තව ටිකකින් ඉර සම්පූර්ණයෙන්ම බැහැලා යනවා කියන්න වගේ වටපිටාව කරුවල වෙද්දි හදේ දිස්නේ එන්න එන්නම වැඩි වුනා... අහස දිහා බලන් හිටපු මගේ අවධානේ බිදුණේ ඝනකම් රෙද්දක් ඇඟට වැටෙනවා දැනෙද්දි.
ESTÁS LEYENDO
Frozen Romance ( මිදුනු හදවත් )
No Ficciónආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -