"නැගපන්.. "
නිකිල්ව වාහනේට තල්ලු කරලා එයත් නැගලා වාහනේ ගේට් එකෙන් එළියට ඉගිල්ලිලා ගියා... මං පිස්සෙක් වගේ කකුල් දෙකට පණ තියෙනකම් වාහනේ පස්සෙ දිව්වත් ඒ වේගේට මට වාහනේ මගහැරුනා... බලාපොරොත්තු සුන් වෙලා මගේ හොද සිහිය නැතිවෙලා ගිහින් මුළු වටපිටාවම බොද වෙලා යද්දි මං අන්තිමට දැක්කේ වේගයෙන් මගේ පැත්තට එන වාහනේක හෙඩ් ලයිට් එක විතරයි...
![]()
Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác. * *******
" යුරා.... ඒ උඹ නැගිට්ටද ? දැන් කොහොමද බන්... කොහෙද අමාරු ? මොනවද උඹට ඕනි... ඒ කතා කරපන්කෝ... "
යාන්තමට අමාරුවෙන් ඇස් ඇරගද්දී මගේ මූණටම පාත් වෙලා මියුරු කියවන්න ගත්තේ බ්රේක් නැති වාහනයක් ගානට... ඉන්නේ කොහෙද වුනේ මොනවද කියන්න එකපාරටම හරි සිහියක් නැති වුනත් මාරම පිපාසයක් දැනෙන්න ගත්තේ කන්තාරේ හිටපු ඔටුවෙක් තරම් වතුර වලට පෙරේතකමක් දැනෙද්දී...
" ව.... තු.... ර...."
අමාරුවෙන් වචන ගලපගෙන මං වතුර ටිකක් ඉල්ලුවා... හිමීට ඔලුව යටින් අතක් දාලා මාව කෙලින් කරපු මියුරු මට වතුර පොවන්න ගත්තා.. වතුර උගුරු කිහිපයකින් බඩ පිරෙද්දී මං ආපහූ ඇදේ ඇල වුනේ තාමත් කෙලින් ඉන්න බැරි තරම් දැනුන හිසේ කැක්කුමක් නිසා... ඒත් එක්කම මට සිහි නැතිවෙන්න කලින් වෙච්ච දේවල් මතක් වෙන්න ගත්තා... දෙයියනේ මගේ කොල්ලා නිකිල්, මං මෙහෙම නිදාගෙන ඉදලා හරියන්නෑ.. මගේ කොල්ලා ලඟට යන්න ඕනී... මං අමාරුවෙන් අඩිය තියලා බහින්න හැදුවත් දැනුනු කැරකිල්ලත් එක්ක වැටෙන්න යද්දි ශක්තිමත් අතක් මගේ බඩ වටේ එතුනේ මාව කෙලින් කරගන්න ගමන්...
" කොහෙද බූරුවෝ යන්නේ... "
" නිකිල්... මට නිකිල් ළගට යන්න ඕනී... "
![](https://img.wattpad.com/cover/328045806-288-k782572.jpg)
BẠN ĐANG ĐỌC
Frozen Romance ( මිදුනු හදවත් )
Phi Hư Cấuආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -