නිකිල් ගෙදරින් ගිහින් අදට දවස් අටක්... මට එයාව කනෙක්ට් කරගන්න පුලුවන් එකම විදිහයක්වත් තිබුණේ නෑ... මං කලිනුත් කිව්වා නේද නිකිල් පරණ තාලේ මිනිහෙක් කියලා... එයා වැඩිය Fb, Insta පාවිච්චි කලේ නෑ... නිකිල් මගේ Fb friend කෙනෙක් වුනත් මිනිහා මාස ගානකින් ඒකට ලොග් වෙලා තිබ්බේවත් නෑ.. ඉතින් ඒ අකවුන්ට් එකට මං දාපූ මැසේජ් ගඟට කපපු ඉනි වගේ වුනා....
මේ දේවල් හැර නිකිල් ගැන මං දැනන් හිටියේ පොඩි විස්තර ටිකක් විතරයි... අවුරුද්දකට කිට්ටු වෙන්න අපි ආශ්‍රය කලත් මං එයාගේ පර්සනල් ඩීටේල්ස් මුකුත්ම දන්නේ නෑ.. ඒක මගේ වැරැද්දක්ද කියන්න මට තේරෙන්නේ නෑ.. ඒත් එයා එයාගේ පවුලේ දේවල් ගැන කතා කරන්න වැඩිය කැමැත්තක් තිබ්බේ නෑ... ඒ නිසාම මං ඇහුවෙත් නෑ... මේ ගෙවපු දවස් ගානටම එයා ජීවත් වෙනවා කියලා හරි බලාපොරොත්තුවක් තියාගන්න මට එයාගෙන් කියලා ලැබුනේ එකම එක මැසේජ් එකක් විතරයි..
" සුදු අයියේ ඔයා පරිස්සමෙන් ඉන්නවා නේද ? මාව අමතක කරන්න එපා... මං ඔයාට ගොඩක් ආදරෙයි..... විශ්වාස කරන්න, ඒක කවදාවත් බොරුවක් නෙවෙයි...
- මං නිකිල් - "ඒකත් මං දන්නේ නැති නම්බර් එකකින්.. ආපහූ කෝල් බැක් කලාට අද වෙනකම් ආන්සර් කරපු නැති නම්බර් එකකින්.... දෙයක් කියන්නම්... ඕනි දේකට ඇබ්බැහි වෙන්න හැබැයි කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා...ඒක ශාපයක්... ගැලවෙන්න බැරි තරම් ශාපයක්... මේ දවස් ගාන මං ගෙවාගත්තේ පුදුම අමාරුවකින්... අවුරුදු විසිගානක් මං හැදිලා වැඩිලා ලොකු වුන මේ ගෙදර දැන් පිරිලා තියෙන්නේ නිකිල්ගේ මතකයන්ගෙන් විතරයි... කොහේ ගියත් මොනවා කලත් මතකෙට එන එකම කෙනා එයා වෙද්දී මං මේ දේවල් දරාගත්තේ කොහොමද කියලා වචන වලින් කියන්න මට තේරේන්නේ නෑ... මට හිතුනෙම එක දෙයයි නිකිල් කියනකම් ඉන්නේ නැතුව මට තිබුනා එයාගෙන් දේවල් අහන්න.. ඒත් දැන් මං පරක්කු වැඩී...
أنت تقرأ
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -