තිස් පස්වෙනි කොටස

94 10 3
                                    

" මාමි ඔයා නේද අපේ තාත්තිගේ Angel baby.. .. "

" ම්ම්ම්ම් මොකක්ද පැටියෝ.... "

" තාත්තිට ආදරේ කරන්න කීලා දුන්නේ ඔවානේ..... එයාගේ ෆෝන් එකේ ඉන්නේ ඔවා නේද ? "

" නෑ මැණික ඔයාට වැරදිලා වෙන්නැති.. මං තාත්තිව දන්නේ නෑනේ.... "

" බොලු කීන්නේ නාක මාමිලා... ඉන්නකෝ පෙන්නන්න... "

පොඩි එකා නිකිල්ගේ සාක්කුවෙන් ඇදලා ගත්තු ෆෝන් එකෙන් Angel baby කියලා සේව් කරපු ෆෝල්ඩර් එකක් මට පෙන්නුවා... අපි හම්බුන දවසේ ඉදන් අපි එකතු කරගත්තු මතක එකක් නෑර එයා ළඟ තිබුනා හරියට මං ළඟ වගේම...

" ඔවා ඒන්ජල් බේබි නේ... එතකොට තාත්ති මටත් වඩා ආදරේ ඔවාටලූනේ..... මාමිත් ඒමද ? "

ඇයි මේ දේවල් මේ තරම් හිතට බර... පොඩි දරුවෙක්ගේ වචන වලට හිතක් එච්චර තුවාල කරන්න පුලුවන්ද ?  මට දැනුනේ මුලු ලෝකේම අතේ තියන් ඉන්නවයි කියන ඇට්ලස් දෙවියන්ටවත් දැනෙන්නේ නැති තරම් බරක්.. ගතට නෙවෙයි හිතට... මුකුත් නොකියාම මං පොඩි එකාව තුරුල් කරගත්තේ ඔහේ කියවන කට ටිකකට හරි වහලා දාන්න හිතාගෙන.... මාව තේරුම් ගත්තා වගේ නිකිල් බබාව එයාගේ ළඟට ගත්තා....

" බබා ඔයා ඩ්‍රයිවර් අන්කල් එක්ක ගෙදර යන්න... තාත්ති තව ටිකකින් එන්නම්... " 

" අනේහ් මං ඉන්නම්කෝ... "

" තාත්තිට වැඩ ගොඩාක් තියෙනවා පැටියෝ ඔයා ගෙදර යන්න... මං එද්දී ඔයාට ලොකු චොකෝ එකක් ගෙන්නම්කෝ .... "

" මට  චොකෝ එපා...  ඔයා එද්දී මාමිවත් එක්කන් ඉන්න.... "

" බලමුකෝ සුදු මැණික පරිස්සමට ගෙදර යන්නකෝ දැන්..  පාල අන්කල්ට කරදර කරන්න එපා..  "

" කලදල කලන්නේ නෑ මං තාත්තිගේ ගුඩ් බෝයි නේ... "

" මාමි බායි... තාත්තිව අඩවන්න එපා... තාත්ති තමයි මගේ Angel baby.... බායි තාත්තී.."

කොහොමහරි පොඩි එකාව ගෙදර යැව්වත් අපි දෙන්නා අතරේ තිබ්බේ නිහැඩියාවක්... කොහොම පටන්ගෙන මොනවා කියන්නද කියලා හිතාගන්න දෙන්නටම බැරුව ඉන්න ඇති...

" ඔයා කාලාද අයියේ... "

අන්තිමේදී නිකිල් ඉස්සර වුනා...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now