හතලිස් වෙනි කොටස

70 7 4
                                    

" ආපහූ මාව දාලා නොකියාම යන්න එපා... ආයේමත් ඒ වේදනාව දරාගන්න තරම් ඔයාගේ සුදූට හයිය හිතක් නෑ... "

පැය ගණන් ගෙවිලා ගිහින් මහ රෑ වෙනකොටත්  නිකිල්ගේ ගෙදරින් එක අඩියක් එළියට තියන්න ඉඩ දුන්නේ නැත්තේ නිකිල් යන්න කලින් කියපු ඒ වචන ටික... වුනේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා දැනගන්න තිබ්බ කුතුහලයත් පරදලා, නිකිල්ව ආපහූ පිස්සෙක් කරන්න බෑ කියන හැගීම එළියට එද්දී ඒ ගෙවුන කාලේ ගෙවාගත්තේ හරිම ආයාසයකින්.. එකදිගටම රින්ග් වෙන ෆෝන් එකෙන් පිළිතුරක් නොවෙද්දි මං තවදුරටත් එයාට කරදර නොකර ඉන්න හිතාගත්තා...

තවත් පැයක් විතරම ඒ කුතුහලයෙන්ම ගෙවිලා යන්න ඇති... එන්න එන්නම හිත තුල තිබ්බ නිවුනු ගතිය අතුරුදහන් වෙලා ගලක් වැටුන පොකුණක් තරමට හිත කලබල වෙලා...  සක්මන් භාවනාවකට සමවැදිලා, දැහැන් ගත වෙලා වගේ හිටපු මං ඒකෙන්  මිදුනේ කලබලයෙන් වගේ වත්තට දාපූ වාහනයක හෙඩ් ලයිට් එළියෙන්.

" නිකිල්......... "

මෙච්චර වෙලා මං බලාපොරොත්තු වුන වාහනේ දකිද්දී, ඈත තියාම මං ඒ නම අඩ ගැහුවත්, ගේ ඉස්සර නතර වුන වාහනේ හිටියේ නිකිල් නෙවෙයි.

" ඉක්මනටම නැගපන්... පරක්කු වෙනවා "

" මියුරු උඹ.... "

" මියුරු තමයි... මොකද බන් මේ හොල්මනක් දැක්කා වගේ... නිකිල් කිව්වේ උඹ ගෙදර තනියම කියලා... මං එක්කන් යන්න ආවේ ඒකයි... අනික උඹට මෙහේ පුරුදුත් නෑනේ.... " 

" පුතාට මොකද ? "

" නැගපන්කෝ කියන්න...."

මගේ ඒ ප්‍රශ්නෙට උත්තර නොදීම මියුරු වාහනේ ඉස්සරහට ගත්තා... වචනෙන් නොකිව්වත් මට මියුරුගේ හැසීරීමෙන් කියන්න පුළුවන් වෙන දේවල් එච්චර හොද නෑ කියලා... පියාඹලා වගේ වේගේන් ආපු වාහනේ හේමාස් හොස්පිටල් එක නතර කරපු වේගෙන්ම මියුරු ඇතුලට දුවන් යද්දී,  මාත්  මියුරු පස්සේ දුවන් ගියේ මගේ ලේ නොවුනත් දැකපු දවසේම මගේම දරුවෙක්ට තරම් ආදරේ හිතුන ඒ චූටි මැණිකව හොයාගෙන...

ලිෆ්ට් එක තට්ටුවෙන් තට්ටුව උඩට යන්න ගත වුන වෙලාවත් මට දැනුනේ කල්පයක් වගේ.ලිෆ්ට් එකෙන් බැහැලා පඩිපෙලේ දුවන් යන්න හිතුනත් යන්න ඕන කොහෙටද කියන දේ නොදන්න නිසාම මං නැවතුනා කිව්වොත් හරි... තට්ටු දොලහක් පහු කරගෙන ගිහින් ලිෆ්ට් එකේ දොර ඇරෙද්දී මං දැක්කේ ඔළුවට අත් ගහගෙන, කිසි අරමුණක් නැතුව, හරි වේගේන් එහාට මෙහාට ඇදෙන නිකිල්ව. තවත් පරක්කු නොවී මං නිකිල් දිහාට දුවගෙන ගියා...

    Frozen Romance  ( මිදුනු හදවත් ) حيث تعيش القصص. اكتشف الآن