" නිකිල් දැන් ඇති.... තව කන්න බෑ අනේ.."" බෑ කියලා බෑනේ සුදු මහත්තයො මේ ටිකත් කන්නකෝ... බලන්නකෝ ඔයා කෙට්ටුත් වෙලා... මෙන්න මෙහෙම බදාගත්තම ඔයා දැන් අතට අහුවෙන්නෙත් නෑ... "
නිකිල් මගේ ඉනවටා අත් යවා තදින් ඔහුගේ සිරුරට තද කරගත්තේ අසුරු සැනෙකින් ය..
" ආව් තුවාලේ මෝඩයෝ.... "
" අනේ අනේ සොරි කෝ පෑරුනාද ? "
" නෑ ටිකක් රිදුනා විතරයි...."
" ඔයා ළඟින් ඉද්දී මට ඔයාව බදාගන්නමයි හිතෙන්නේ.. මෙහෙම මිරිකන්න හිතෙනවා දවසම වුනත්... "
" වෙන.... "
" වෙන කරන්න හිතෙන දේවල් කරන්න බෑනේ... ඔයා ලෙඩ වෙලානේ...නැත්නම් මං.... ම්ම්ම් ඒවා ඕනි නෑ... සනීප වුනාම අල්ලගන්නම්කො මං හොදේ...."
" ආස නැති නේ..."
" නැතුව ඉතින්... අවුරුදු දහයක් මට ඔයාව කොච්චර මිස් වුනාද කියලා ඔයා දන්නෑනේ අයියේ.. ඔයාට හොඳ වුනාම අපි ආයේත් හැමදේම අලුතින් පටන් ගමු හාද ? අපි දෙන්නා ඒ දවස්වල ප්ලෑන් කලා වගේ... ලස්සන ගෙදරක්, පුංචි පවුලක්, එක්ක ලස්සනට ජීවත් වෙමු.. එක දරුවෙක් වෙනුවට අපිට දැන් දරුවෝ දෙන්නෙක්ම ඉන්නවනේ.... අපි පුංචි පර්ෆෙක්ට් පවුලක් හදාගෙන අපිට ඉතුරු වෙලා තියෙන ජීවිත කාලේ සතුටින් සැනසීමෙන් ගෙවමු... ඔයයි මායි පුතාලා දෙන්නයි... අපිට සතුටින් ඉන්න ඒ ඇති නේද ? "
නිකිල්ගේ ඇස් බලාපොරොත්තු වලින් පිරිලා.. දිලිසෙන ඒ චූටි ඇස් දිහා බලාගෙන මං එයාගේ නළලට හාදුවක් දුන්නා.. නිකිල්ගේ බලාපොරොත්තු එයාගේ හිතේම තිබුනදෙන්.. අනාගතේ ගැන අහස උසට බලාපොරොත්තු පොදි ගහලා ඒ ඔක්කොම එක තත්පරෙන් බිමට සමතලා වුනාම දැනෙන හැඟීම මං හොඳටම දන්නවා.. ඒ නිසා දැන් මං අනාගතේ ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්නේ නෑ... වැල යන අතකට මැස්ස ගහනවා වගේ මගේ ජිවීතෙත් යන අතකට යන්න දීලා මං ඇඩ්ජස්ට් වෙන්න හුරු වෙලා...
" නුරාද්ට කොහොමද "
මට ඕනි වුනේ මාතෘකාව වෙනස් කරන්න... අනාගතේ ගැන හීන දැක දැක වැල්ලේ මාලිගා හදනවට වඩා වර්තමානයේ ජීවත් වෙන එක සැපයි...
![](https://img.wattpad.com/cover/328045806-288-k782572.jpg)
YOU ARE READING
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -