ඒ තවත් එක මාසේක අන්තිම දවස... වැවේ වලාකුළු බැම්මට හේත්තු වෙලා මාළිගාවේ තේවා හඩ අහගෙන, මං හිටියේ එක පොකුරට පොරි කන වැවේ මාළු දිහා බලාගෙන... මේ තීරණේ ගන්න කලින් කොච්චර හිතුවත් තාමත් මගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්.. නිකිල් එන්න කලින් ආපහූ ගෙදර යනවා කියලා දෙතුන් ගමනක් යන්නම හිතුනත් නිකිල් කලින් දවසේ කියපු වචනයි, නිකිල්ගේ මුරණ්ඩුකමයි මට මගේ හිත හදාගෙන යන්න කොහෙත්ම ඉඩ දුන්නේ නෑ... රොබරෝසියා ගස් අතරින් පෙරිලා එන සෞම්‍ය ඉර එළියේ පහසට හුරු වුනු ඇස් වලට ඊට වඩා දීප්තිමත් සෘජු එළියක් ඉස්සරහට අඩවන් වෙලා යද්දී, මං ඇස් පොඩි කරන් ඒ දිහා බැලුවේ එක අතකින් ඒ ආලෝක කිරණ අවහිර කරගෙන...
" ඉක්මනට නගින්න අයියේ මෙතන ගොඩක් වෙලා නවත්තගෙන ඉන්න දෙන්නේ නෑ... "
වේගෙන් ආපු වාහනේ හෝන් එකත් ගහලා ඉස්සරහ දොර ඇරෙද්දි ඒ හිටියේ මං මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටපු කෙනා,වෙන කවුරුත් නෙවෙයි මගේ එකම ආත්මීය ආදරේ නිකිල්...අපි අතර කොයිතරම් හිත රිදෙන දේවල් වුනත්, කවදත් මගේ හිත නතරවුන, හිත හිරිවට්ටන ඒ කඩවසම් රූපේ දැක්කම මට හිතුනේ මගේ ස්නායු පද්ධතිය ඒ සැනින් අකර්මණ්‍ය වෙලා ගිහින්වත්දො කියලයි.. ඊයේ වගේ හරියට මූණවත් නොබලා මගහැරලා යනවා වෙනුවට මට අද ඕනි වුනේම කාලේකින් දැක්ක ඒ රූපේ හැම මිලිසෙන්ටිමීරයක්ම තදින්ම මතකයේ රදවාගන්න... කලින් මතකයේ රැදුනු රූපයේත්, දැන් පියවි ඇහැට පේන රූපයේත් වෙනස්කම් හොයාගන්න, ඒ එකින් එක ගලපගන්න, ඒ රූපේටම වශීවෙලා, ඉස්සරහට අඩියක් තියන්නත් අමතක වෙලා එකමතැන ගල් පිලිමයක් වගේ හිටපු මාව නිකිල්ම වාහනෙන් බැහැලා ඇවිත්, ඉස්සරහ ශීට් එකට දාලා දොර වහගත්තේ බොහොම කලබලලෙන්...
" යසයි යසයි ලොකු මහත්තයා කරපු වැඩේ... පාගලා ආවේ නැත්තම් අද අපේ ඩේට් එකට පොලිස් නිල අනුග්‍රහය නිකන්ම ලැබෙනවා... ඔයත් අයියේ අනේ මන්දා "
පිස්සු කොල්ලා.... ඒ වචන වලට මගේ මූණේ හිනාවක් ඇදුනේ නිරායාසයෙන්මයි... මෙච්චර කල් මට අමතක වෙලා තිබ්බ හිනාව නිකිල් එක්ක ගෙවපු පළවෙනි තත්පරේම මට ආයේත් ලැබුනා... ඉතින් මට ඒ තරම් සැනසීමක් සැහැල්ලුවක් දෙන්න පුලුවන් වෙන කෙනෙක් මේ ලෝකේ නෑ කියන්නේ මං බොරුවටද ? මං පාර දිහා බලාගෙන හිනාව හංගන්න ට්‍රයි කරත් ඒ වෙද්දිත් නිකිල්ගේ තියුණු ඇස් මං ලඟ නතර වෙලයි තිබුණෙ...
![](https://img.wattpad.com/cover/328045806-288-k782572.jpg)
VOUS LISEZ
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -