Intermission
........සය මසකට පසු.....
" සර් අපිට නිව් ඉවෙන්ට්ස් පහලොවකින් ඩිසයිනින් රික්වෙස්ට් ඇවිත් තියෙනවා... "
" රිජෙක්ට් කරන්න.... "
" ඒත් සර් මේවා බිස්නස් ෆීල්ඩ් එකේ ලොකු අතු... අපිට මේවා කරගන්න පුලුවන් වුනොත් ලොකු ප්රොෆිට් එකක් ගන්න පුලුවන්... "
" නෝ වේ භානූ... අපේ කොල්ලෝ ටික ඕල් රෙඩි මැක්සිමම් වැඩ කරනවා.. අපි මේවත් ඇක්සෙප්ට් කලොත් එයාලට හෙවි වර්ක් ලෝඩ් එකක් එනවා... මේ වැඩ ටික කම්ප්ලීට් වෙනකම් ටික දවසකට අපි අලුත් වැඩ වලට අත නොගහ ඉමූ.. "
" ඈස් යුවර් විශ් සර්... සර් අපේ අලුත් බ්රාන්ච් එකේ ඕපනින් එක නෙක්ස්ට් ෆ්රයි ඩේ... ඒකේ තව මොනවාහරි වෙනස් කරන්න තියෙනවද ? "
" ඒවා මියුරු සර් බලාගනියි... එනි අදර් මැටර්ස්..? "
" නෝ සර්... "
" ඕකේ යු කැන් ගෝ නව්... "
භානු කැබින් එකෙන් එළියට යද්දිම විනාඩියකට වත් රෙස්ට් එකක් නොදී මියුරු කැබින් එකට ආවේ තවත් ෆයිල්ස් ගොඩක් උස්සගෙන...
" තෝ හිතන් ඉන්නේ මං කතරගම දෙයියෝ කියලද බල්ලෝ ආහ්... "
"ඇයි ඇයි මේ සුදු මහත්තයට තරහා ගිහින්... "
කොච්චර වැඩ ගොඩක් අස්සේ වුනත් මියුරු එක්ක ගෙවන විනාඩි ගානත් හිතට හරි සැනසීමක්.. මං ටයි පටියත් බුරුල් කරන් සැපට පුටුවේ පිටිපස්සට වෙලා හේත්තු වෙලා කකුලක් පිට කකුලක් දාගත්තේ මියුරුගේ චෝදනා ටික එකින් එක අහගන්න හිතාගෙන...
" මගේ බිස්නස් වැඩයි, තොගේ බිස්නස් වැඩ ටිකයි, අලුත් බ්රාන්ච් එකේ වැඩ ටිකයි ඔක්කොම කරගෙන හුස්මක් ගන්නත් වෙලාවක් නැතුව ඉද්දී තෝ ෆෝන් එකත් ඕෆ් කරන් මගේ ෆෝන් එක කන්ටැක්ට් නම්බර් එකට දාලා තෝ මෙතන උලමෙක් වගේ ආතල් එකේ ඉන්නවා... උදේ නැගිට්ට වෙලේ ඉදන් අර වැඩේ බාරගන්නවද සෑර් මේ වැඩේ බාරගන්නවද සෑර් කියලා එකදිගටම කෝල් එනවා ඉවරයක් නැතුව...... තෝ මං මොකෙක් කියලද හිතන් ඉන්නේ බූරුවෝ ආහ් ... "
VOCÊ ESTÁ LENDO
Frozen Romance ( මිදුනු හදවත් )
Não Ficçãoආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -