" දැන් නම් මේක මගේ කාමරේටත් වඩා ලස්සනයි අම්මා... එක්කෝ මං මේකට ඇවිත් එයාට මගේ කාමරේ දෙන්නද ? "
අලු පාටයි සුදු පාටයි ඉරි ඉරි තියෙන අලුත්ම බෙඩ්ශීට් එකක් එලලා තිබුන ඩබල් ඇදේ පෙරළි පෙරළී නිදාගන්න මට තිබ්බේ මාර ආසාවක්... ඒත් ඊළඟට අම්මා කියපු වචන ටිකත් එක්ක ඒ ආසාව නැතිම වෙලා ගියපු නිසා මං පැත්තකින් තිබ්බ පුටුවකින් වාඩි වුනේ අම්මටත් ගස්සාගෙනමයි...
" ඒ කොල්ලා එනකන් අඩියක් තියෙන්නේ නෑ මේ කාමරේට.. බැංකුවක වැඩ කරනවා කියන්නේ ලේසිද ? දවසම මහන්සි වෙලා ගෙදර ආවාම හොදට නිදාගන්න ඇදකුත් එක්ක හොද කාමරයක් තියෙන්න ඕන... උඹ නම් ඉතින් දවසම රස්තියාදු ගහන එකානේ.. ඔය පැදුරක් නිදාගත්තත් ඇති.... "
එක්කෝ අපේ ගෙදරට බෝඩිංකාරයෝ ඕන නෑ, එන්න කලින්ම මෙහෙම නම් ආවට පස්සේ කොහොම වෙයිද? මොනවාවුනත් නිකිල්ට තිබ්බේ අම්මා කැමතිම විදිහේ ලස්සනක්... අහිංසක ඇස් දෙකක්, අහිංසක හිනාවක්, වල ගැහෙන කම්මුල්, ඔක්කොටම වඩා එයා කතාකරන විදිහ අහන් ඉන්න ආසයි... අම්මා කියන විදිහට කොල්ලෙක්ට ලස්සනම අහිංසකකමලූ... අපේ තාත්තා අහිංසක පාට නිසා වෙන්නැති අම්මා එහෙම කියන්නේ.. මං නම් පෙනුමෙන් අහිංසකත් නෑ වැඩ වලිනුත් අහිංසක නෑ...... එහෙම අහිංසක විදිහට හිටියොත් අපි හාවෝ කියලා හිතයි.. මොකෝ අම්මට ඕවා තේරේනවා කියලයෑ... මං ඉතින් ඕවා කියන්න ගියේ නෑ... ඔක්කොම ලැස්ති කලත් හිතට වද දුන්න එක ප්රශ්නයක් තිබ්බා... ඒ නිකිල් ආපු ගමන් මේ ගෙදර මට තියෙන තැන නැතිවෙයිද කියන එක... එහෙම වුනොත් ආපහූ ආපු තැනටම එලවනවා...
" අම්මාට දැන් එන්නත් කලින් මට වඩා අර බෝඩිංකාරයාව ලොකු වුනානේ... හරි වේදනයි මට.. ඇත්තටම අම්මේ ඔයාලා මාව අරන් හදාගත්ත ළමයෙක්ද ? ඒකද මට මෙහෙම කරන්නේ ? "
" අපිට පිස්සුද උඹ වගේ එකෙක්ව අරන් හදාගන්න... ඊට වඩා හොදයි එලදෙනෙක් හදාගත්තා නම්, කිරි හරි හම්බෙයි... "
" ඔයා හරි දුශ්ඨයි අම්මා.. මං තරහයි.. "
" තරහා වුනාට මට පාඩුවෙයි.... රෑට කාලා නිදාගන්න අන්න මං බිත්තරයක් හදලා තියෙනවා ඔයාට...

أنت تقرأ
Frozen Romance ( මිදුනු හදවත් )
غير روائيආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -