දහතුන් වෙනි කොටස

205 30 9
                                    

සනීපෙට නිදාගෙන හිටපු මගේ මූණට එකපාරටම මොකක්හරි දෙයක් වැදෙද්දී මං ඇස් ඇරියේ උදේ පාන්දරම කුණුහරුපත් මතක් වෙද්දී... ඇස් ඇරලා බලද්දී වෙනදා වගේ මං ඇදේ තනියම නෙවෙයි හිටියේ චූටි හුරතල් කොල්ලෙක් මං ළඟ හිටියා... නිකිල් හීනෙන් දඟලනවා... මගේ මූණටත් ශොට් එකක් වැදිලා තිබ්බේ හීනෙන්... තවත් දඟල දඟල පපුව අස්සටම තුරුල් වෙන්න හදද්දී මං එයාගේ ඇඟට උඩින් අත දාලා මගේ පපුවටම තුරුල් කරගත්තා... ඊටපස්සේ කොල්ලගේ දැගලිල්ල නිකන්ම අඩුවෙලා ගියා... එයා නිදාගත්තට පස්සේ මාත් ආපහූ නිදාගන්න හැදුවත් මට නින්ද ගියේ නෑ... මූණට වැටිලා තියෙන කෙස් ගස් ටික අයින් කරලා මං නිකිල්ගේ නළලට කිස් එකක් දුන්නා... එයාව දකිද්දි මට හරි ලෝභයි.. එයා මෙහෙම මං ළඟට වෙලා ඉන්නවනම් වෙන කිසිදෙයක් ඕනි නෑ කියලා හිතෙන තරමට මං නිකිල්ට ආදරෙයි... මං ගොඩාක් වෙලා නිකිල් දිහා බලන් හිටියේ සැරින් සැරේ නිකිල්ගේ මූණේ චූටි චූටි හාදු තියන ගමන්...

" ගුඩ් මෝනින් සුදු අයියේ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

" ගුඩ් මෝනින් සුදු අයියේ.... "

" ඇහැරුනාද සුදූ.... "

" ම්ම්ම් දැන් ගොඩාක් වෙලා... මොනවද ඔච්චර මගේ මූණේ බලන්න තියෙන්නේ... මං එච්චරටම ලස්සනයිද ? "

" ඔව් ගොඩාක් ලස්සනයි... දවසම වුනත් බලන් ඉන්න පුලුවන් තරම් ඔයා ලස්සනයි... "

" කෝ එහෙනම් මට උම්මා එකක් දෙන්න... "

නිකිල්ව බදාගෙන මං එයාගේ කම්මුල් දෙපැත්තටම කිස් දුන්නා... හැමදාම රණ්ඩු වුනත් මොකෝ ආපහූ මේ වගේ යාලු වෙනවානම්... ඇදට වෙලා තව ගොඩාක් වෙලා විකාර කියව කියව ඉදලා, එයාව ඇදේ තියලා මං ඇදෙන් බැහැලා ආවේ තේ හදන්න... හැමදාම එයා හදන නිසා අද එයාට නිවාඩුවක් දීලා මං තේ හැදුවා.. චොක්ලට් කේක් කෑලි දෙකක් එක්ක තේ බීපූ අපි දෙන්නා කතා කරගත්තේ කොහේහරි ඇවිදින්න යන්න.... හැමදාම වගේ නුවර වටේ ඇවිදින නිසා අපි තීරණය කලේ අම්බුළුවාවේ යන්න... මං එක සැරයක් ගිහින් තිබුණත් නිකිල්ගේ  ආසාව නිසා මං එහේ යන්න තීරණය කලා... අපි වගේ කපල් එකකට තුරුල් වෙලා අත් අල්ලන් යන්න පුලුවන් තැන් ලංකාවේ අඩුයි.. හැබැයි අම්බුළුවාව එහෙම නෑ... පාරේ දෙපැත්තෙන්ම කැලේ.. සතියේ දවසක් නිසා ලොකු සෙනඟක් නැතුව ඇති කියලා හිතුන නිසා මාත් ඒ තීරණයට එකපයින්ම කැමති වුනා...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Dove le storie prendono vita. Scoprilo ora