විසි දෙවැනි කොටස

88 12 8
                                    


මොකක්හරි එළියක් කෙලින්ම මගේ මූණට වැටෙද්දී, ඒ එළිය මඟ හැරලා නිදාගන්න හිතුවත් මට නිදාගන්න පුලුවන් වුනේ නෑ... නින්දෙන්ම කොට්ටේ අස්සට අත දාලා ෆෝන් එක අරන් වෙලාව බලද්දී උදේ දහයයි... මෙච්චර වෙලා නින්ද ගියාද? , එතකොට මං තියපු එලාම් එක., වැදුනේ නෑ නේද ?  ඒක පැත්තකට දාමුකෝ කෝ මගේ පණ තියෙන එලාම් එක... ගෙදර කිසිම සද්දයක් නෑ... නිකිල් වැඩට ගිහින්වත්ද ?නෑ අද ඉරිදා... එයා කිව්වා එයාට නිවාඩු කියලා... එහෙනම් කෝ මේ කොල්ලා...

" නිකි බබා.....හ්..... ! "

මං ඇදෙන් බැස්සේ නිකිල්ට කතා කරගෙනමයි... ඊයේ රෑ නටපු නාඩගම් වලට පින් සිද්ද වෙන්න ඇගේ එක ඇදුමක් තිබ්බේ නෑ... මේ ගෙදර ඉන්නේ නිකිලුයි මායි විතරක් වුනාට, නිකිල්ගෙන් හංගන්න කියලා දෙයක් දැන් මට නැති වුනාට උදෙන්ම මෙහෙම මනුස්සයෙක් ඉස්සරහට යන එක හරි නැති නිසා මං ඊයේ විසික් කරපු ඇදුම් හොයන්න පටන් ගත්තා.. මේසේ යටට විසික් වෙලා තිබ්බ සරම අරන් පටල ගත්ත මං සාලේට යන්න හැරෙද්දිම මේසේ උඩ තිබුණු මල් පෝච්චියේ අත වැදිලා ඒක බිමට වැටුනා...

" මොන මගුලක්ද ? කවුද මේක මෙච්චර අයිනෙන් තිබ්බේ... "

වෙලාවට මගේ මේසේ උඩ තිබුණේ ප්ලාස්ටික් මල් පෝච්චියක්... අම්මා මගේ හැටි දන්න නිසාමයි ඔතනින් වීදුරු පෝච්චි තියන්නේ නැත්තේ.. අම්මට අනුව මං කාබාසිනියාතුමා නේ... ඒවා වැඩක් නෑ දැන් මට නිකිල්ව ඕනි... කෝ මේ පොඩි ඇටයා... මල් ටිකත් එකතු කරලා පෝච්චියට දාලා ආයේ මේසේ උඩින් තියලා යන්න යද්දිම මං දැක්කේ හතරට පහට නවපු කහපාට A4 ශීට් එකක්...  " මගේ අයියට " ඒකේ ලියලා තිබ්බා.. පොඩ්ඩක් ඉන්න මට මල්ලි කෙනෙක් හිටියේ නෑ නේද ?  එහෙනම් මේක කාටද , නිකිල්ටද... එයාටත් මං දන්න තරමින් මල්ලි කෙනෙක් නෑ.. මූ මොකෝ මට ගෙදර විස්තර හරියට කියන එකෙක්ද නෑනේ..  හිටියත් මං දන්නෑ... ඔන්න ඔහොමයි මං මුළු හදවතින්ම ආදරේ කරන පොර මට සලකන්නේ... කොලේ අතේ තියන් බලනවද නැද්ද කියලා කල්පනා කරලා කරලා අන්තිමට මං ඒක කියවන්න තීරණය කලා.. හිතන්නෙපා දැන් යුරාද් කියන්නේ මහා ගෑනු වැඩ කරන චීත්තයක්නේ කියලා මේකයි ඉතින් නිකිල් මගේ නම් එයාගේ හැමදේමත් මගේ නේ නේද ?

    Frozen Romance  ( මිදුනු හදවත් ) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ