" තමුසේ ඇත්තටම මෝඩයෙක්ද සුදු අයියේ... මට බාතෲම් යන්න ඕනි නෑ... මෙන්න මෙහේ එනවා ඇදට යමු... සව් හදන්න කියලා දෙන්නම් මං... "
" නිකී බබා....හ් "
මට කියන්න පුලුවන් වුනේ එච්චරයි... මාවත් පෙරළගෙන මගේ ඇඟේ නැගලා හිටපු නිකිල් මාව කිස් කරන්න පටන් ගත්තේ මට හුම් කියන්නවත් ඉඩක් නොතියා... නිකිල් අනිත් තැන් වලදී නම් එක්ස්පර්ට් වගේ හැසිරිනාට කිස් කරන්න නම් දන්නේම නෑ... නිකිල්ගේ හාදුව කිසිම ඉවසිල්ලක් නැති, හැඩයක් නැති, කොටින්ම කිව්වොත් මෙලෝ රහක් නැති, අසරණ මගේ තොල් එයාගේ දත් වලට තුවාල වෙච්ච දරුණු ඝනයේ හාදුවක්... දැනටම තුවාල වෙලා තිබ්බ තොල් දෙක තද කරන් ඉන්න මං ට්‍රයි කරද්දී මගේ යටි තොල හපපු නිකිල් මගේ කට පුරාම එයාගේ ආධිපත්‍යය පතුරුවා ගත්තේ මං කිසිම විදිහකින් ඒකට ප්‍රතිචාරයක් නොදී ඉද්දිමයි... එයාට ඇති වෙනකන්ම මාව කිස් කරපු නිකිල් මගේ කන ළඟට පාත් වුනේ මං එයාගෙන් ඈත් වෙලා චුට්ටක් හුස්ම දඟලද්දි...
![]()
Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
" සුදු අයියේ අපි ඒක කරමු...."" මො... මොකක්ද බබා..."
" අරක අනේ.... හැමදේම අමුවෙන්ම කියන්න බෑනේ.... මටත් ලැජ්ජයිනේ හුම්ම්... "
" අද ඕනි නෑ සුද්දා..... වෙන දවසක කරමු හරිද... "
" ඔයාට ඕනි නැති වුනාට මෙයාට ඕනි වෙලානේ... ඔයා ඇවිස්සුවා නම් ඔයාම කූල් ඩවුන් කරගන්න සුදු අයියේ... "
නිකිල් මගේ අතක් අරන් එයාගේ කලිසමේ බල්ජ් එක උඩින් තියාගත්තා... කලිසමට උඩිනුත් එයාගේ
උණුහුම මට හොඳටම දැනුනා... මේ දේවල් දැක දැක මං ඉවසන් හිටියේ ගොඩාක් අමාරුවෙන්... නිකිල්ව ඇද උඩ පෙරළගෙන මෙච්චර කල් හීන දකපු හැමදේම කරන්න මට නොහිතුනා නෙවෙයි... ඒ චූටි කොල්ලා මගේ ඇඟට යටවෙලා කෑගහන හැටි අහන්න, දාඩියෙන් පෙගිලා ඇඟට පණක් නැති වෙනකන්ම එයාගේ ඇඟ උඩ දගලන්න, අන්තිමේදී මෙච්චර දවස් එයා වෙනුවෙන් ඉපදුණු හැගීම් එයාගේ ඇඟ ඇතුලෙම නිදහස් කරලා දාලා එයාව තුරුල් කරගෙන නිදියන්න දැකපු හීන වලට නිකිල් අත්තටු දෙන්න හදනවා.. ඒත් මට ඒක වෙන්න දෙන්න ඕනි නෑ... මොකද ඒවට අත්තටු ලැබුනොත් කොහෙන් නතර වෙයිද කියලා මට හිතාගන්න බෑ... හරියට කූඩූවක දාලා ඇති කරපු කුරුල්ලෙක් කූඩුවෙන් නිදහස් කළාම ඌ කැමති කැමති තැන්වල ඔහේ පියඹාගෙන යනවා වගේ... මං අමාරුවෙන් හරි මගේ හැඟීම් අමතක කරන්න උත්සාහ කරමින් හිටියේ නිකිල් මේ දේට කැමති වුනේ උදේ අපි අතරේ වෙච්ච දේ නිසා මිසක් එයාගේ වුවමනාවට නෙවෙයි කියලා මගේ යටි හිත මට දොස් කියද්දීයි...

BẠN ĐANG ĐỌC
Frozen Romance ( මිදුනු හදවත් )
Phi Hư Cấuආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -