විසි එක්වෙනි කොටස

95 10 1
                                    


දින සති මාස විදිහට ගෙවිලා ගිහින් කැලැන්ඩරේ කොල එකින් එක අඩු වෙලා... අවුරුද්ද ඉවර වෙන්න තව මාස දෙකයි... නිකිල් මගේම වුනාට පස්සේ මටත් අලුත්ම ජිවීතයකට හුරු වෙන්න වුනා... කොලේක ලියලා අත්සන් නොකලට, ලොකුවට මගුලක් ගත්තේ නැති වුනාට, තාමත් කවුරුත් අපි ගැන හරියට නොදන්නවා වුනාට අපේ හදවත් යකඩ දම්වැල් වලින් බැදිලා වගෙයි මට දැනුනේ... ඉස්සර වගේ නෙවෙයි දැන් නිකිල් කියන්නේ මගේම ඇඟේ කොටසක්.. ඒතරමට මං එයාට සමීපයි...එයත් එහෙමයි... චූටි චූටි රණ්ඩු නොතිබුනා නෙවෙයි, ඒත් අපි ගොඩාක් වෙලාවට සතුටින් හිටියා...

මාස තුනක්ම මේ විදිහට ගෙවිලා යද්දී එකම අවුලකට තිබ්බේ නිකිල් එන්න එන්නම බිසී වෙන්න පටන් ගත්ත එක..  සතියේ දවස් පහ විතරක් බැංකුවේ වැඩට ගියපු එයාට සෙනසුරාදා, ඉරිදා, පෝය කියලවත් නොබලා වැඩට යන්න වෙන තරමට කාර්‍යබහුල වුනා... නිකිල්ට සාපේක්ෂව මට නම් ඇති තරම් නිවාඩු ලැබුනත්, ඔෆිස් එකට නෑවිත් ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් වුනත් මාත් හැමදාම වැඩට ගියේ නිකිල් නැතිව ගෙදර පාළු සොහොන් පිට්ටනියක් වගේ වෙලා තිබ්බ නිසයි...

අද සෙනසුරාදා දවසක්... මට නිවාඩු.. නිකිල් අදත් වැඩ, කරන්න කියලා මහලොකු වැඩක් තිබ්බෙත් නැති නිසා මං වැඩට නොගියත්, දවල් දෙක වෙද්දී මං නිකිල්ව එක්කන් එන්න යන්න ලෑස්ති වුනේ මොන වැඩේ තිබ්බත් දෙකහාමාර වෙද්දී එයා බැංකුවෙන් එනවා කියලා මට පොරොන්දු වෙච්ච නිසයි... පුරුදු විදිහටම බැංකුව ඉස්සරහට තියෙන එළිමහන් උද්‍යානයට වෙලා එතන තිබුණු ලොකූ මාළු ටැංකියේ මාළු දිහා බලන් ගල් බංකුවේ අයිනකින් වාඩි වෙලා හිටියේ නිකිල් එනකම්... එනවා කියපු වෙලාවත් පහුවෙලා පැයක් විතර ගෙවෙද්දී උණුවෙන් කන්න කියලා අරගෙන ආපු උදු වඩේ වල රස්නෙත් නැති වෙලා, සීතල මයිලෝ එකේ සීතලත් නැති වෙලා ගිහින්... බලන් ඉදලා බැරිම තැන ෆෝන් එක අතට ගත්ත මං නිකිල්ට මැසේජ් එකක් දැම්මා...

" බබා තව පරක්කු වෙයිද ? "

මැසේජ් එක ඩිලිවර් වෙලා විනාඩි දහයක් විතර ගියත් රිප්ලයි එකක් වත් නෑ... පට්ට අව්වේ පැයක් විතරම මෙතනට වෙලා කට්ට කාපු නිසාමදෝ ඉවසගන්න බැරි තරම් ඔලුවේ කැක්කුමක් තියෙද්දි මං එහෙම්මම එහා පැත්තේ තිබ්බ ගහට හේත්තු වෙලා ඇස් පියා ගත්තා...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Donde viven las historias. Descúbrelo ahora