හොඳට නිදාගෙන හිටපු මං එකපාරටම ඇහැරුනේ ලස්සන හීනයක් දැකලා... ඔව් දැන් හීනේනුත් පේන්නේ එයාව... ලස්සන දිය ඇල්ලක් වාඩි වෙලා ඔහේ කියව කියව ඉද්දී නිකිල් දඟකාරකමට මගේ මූණට වතුර ගැහුවා... පස්සේ මං එයාගේ පස්සෙන් පන්නගෙන යද්දී එයා මාව අල්ලාගෙන කිස් එකක් දීලා ශේප් කරගත්තා... ඒක ලස්සන හීනයක්... හරියට නිකිල්ගේ ආදරේ වගේ....නිකිල්ගේ ආදරේ ෆුල් පැකේජ් එකක්... අම්මෙක්ගේ ආදරේ ඉදලා හොදම යාලුවෙක්ගේ ආදරේ වෙනකන් ඕනි වෙලාවට වෙනස් විදිහට ආදරේ දෙන්න එයාට තිබ්බේ පුදුම හැකියාවක්...
මට ආදරේ කියන්නේ අලුත් දෙයක් වුනාට නිකිල් නම් හැසිරුනේ හරියට අවුරුදු ගානක පුරුදුකාරයෙක් වගේ, එයාට ඒ දේවල් අලුත් හැගීම් කියලා මට දැනුනේ නෑ... මං කිහිප වතාවක්ම එයාට මීට කලින් කෙනෙක් හිටියද කියලා ඇහුවත් උත්තරේ වුනේ නෑ කියන එක වෙද්දී මාත් තව දුරටත් එයාව සැක කරන්න ගියේ නෑ.. මොනවාවුනත් දැන් එයා මගේ... එයාගේ අතීතේ මට වැඩක් නෑ... සමහර අයට අලුත් සිටුවේශන් එකකට ඉක්මනට හැඩගැහෙන්න පුලුවන්, සමහරවිට නිකිල් කියන්නෙත් ඒ වගේ කොල්ලෙක් වෙන්න ඇති... මට නිකිල්ව විශ්වාසයි, එයාගේ ආදරේ විශ්වාසයයි.. යටිහිත මොනවා කිව්වත් පටන් ගන්නකොටම බැදීම ඇතුලට සැකය කියන විශබීජේ ගෙනල්ලා මේ ආදරේ විනාශ කරගන්න ඕනි නැති නිසා මං ඒක එහෙම්මම අමතක කරලා දැම්මා...
මං නිකිල්ට ආදරෙයි කියලා අදට දවස් දහයයි... අපි තාම ආදරේට කියලා ලොකු ලොකු දේවල් කරලා නෑ... දෙසැරයක් කිස් කලා විතරයි... අඩුම තරමේ නිකිල් තාම මං ළඟ නිදාගන්නවත් එන්නේ නෑ... මං එයාව මතක් කර කර කොට්ටේ බදන් නිදාගන්නවා... එයාගේ සුවදේ දැවටිලා, එයාව තුරුල් කරගෙන නිදාගන්න මං ආස නැතුව නෙවෙයි... ඒත් මං එයා ළගට ලංවෙන හැමවේලේම චූටි පූස් පැටියෙක් වගේ එයා ගැස්සෙන නිසා මං එයාම මට ලංවෙනකම් ඉවසලා ඉන්න හිතාගත්තා...
" සුදු අයියේ........"
මං තාම ඇදේ ඇහැරිලා හිටියට ඇදෙන් බැහැලා ගියේ නෑ කම්මැලිකමට ගුලි වෙලා හිටියා.... බිත්තිය පැත්තට හැරිලා හිටපු මාව නිකිල් ළඟට ඇදලා අරන් අතකුයි කකුලකුයි ඇඟ උඩින් දාලා තද කරලා බදාගත්තා...
BINABASA MO ANG
Frozen Romance ( මිදුනු හදවත් )
Non-Fictionආදරේදී දිනන්නේ නිර්භීත අය විතරයි යුරාද් අයියේ..... - නිකිල් -