54 CHAPTER

197 53 0
                                    

"මිස්ටර් කිම් ටේහ්‍යුන්ග් !!! "

නිහඬ බවින් පිරිලා තිබුන විසාල ගේ පුරා ඒ තරහෙන් පිරුණු හඩ දෝංකාර දුන්නා.

" ඔව් ඔම්මා ! "

මං දැනගෙම හිටියා එයා දැනගනී කියල මං නොකිව්වත්... ඒ කොහොම වුනත් ඒක මේතරම් ඉක්මනට වෙයි කියලා මං බලාපොරොත්තු වුනේ නෑ.

" ඔයාට බෑ කොල්ලෙක්ට ආදරේ කරන්න.. "

ඔම්මගේ හඬ ආයෙත් ඇහෙද්දි අප්පා නිහඩවම අපි දෙන්නා දිහා හිස් බැල්මෙන් බලන් හිටියා.

" හහ්.. මට බැහ්?? ඒත් මෙච්චර කාලෙකට දරුවෙක් නැති ගානට හැසිරුනු ඔයාලට තවදුරටත් පුලුවන් ඒ විදිහටම හැසිරෙන්න "

මං හිස් බැල්මක් ඔම්මා දිහාට හෙලලා මගේ කාමරේ දිහාට ඇවිදන් ගියා.
මගේ වචන වල තේරුම එයාලා මොන විදිහකට භාරගත්තත් මට ඒක වැදගත් වුනේ නැහැ.

මොකද මං ඒ කිව්වේ ඇත්ත. අවුරුදු ගානක් හිතේ හිරකරන් හිටිය වචන..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now