3rd CHAPTER

728 137 8
                                    

මේ තමයි හෙවන් ලේන් එක! රටට සේවය කරන වැදගත් සුරදූතයෝ වගේ ජනතාවක් තමයි එහෙ ජීවත් උනේ.

ඒත් ඒගොල්ලන්ගෙ දරුවෝ.. ම්ම් අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද එයාලා ලොකු වුණාම ඒ ලේන් එකේ නම ඩෙවිල්ස් ලේන් කියලා වෙනස් වෙන්නත් පුලුවන්.

මොක උනත් පෙනෙන තරම් මේ ඩෙවිල් පැටව් නරක නෑ. එයාලා පෙනෙනවටත් වඩා නරකයි!

ජන්කුක් හිටියේ ජනේල්ලෙන් පේන පාර දිහා බලාගෙන. එයාගේ හුරතලා බැම් එයාගේ පුංචි නංගී වගේම එයාව බලාගන්න නැනීයි ඇරුනම වෙන කව්රුත් මේ වෙලාවේ ඒ ගෙදර හිටියේ නෑ.

ජන්කුක් පාරේ බෝල ගහන කොල්ලො රෑන දිහා ආයෙමත් බලලා උරහිස් හකුලලා ඔක්කාරෙ‍ට එන්න වගේ රගපෑවා.

" බැම්!! "

ජන්කුක්ගේ හඩට එයාගේ හුරතලා එයා දිහාට දුවගෙන ආවා.

" කමෝන් ලෙට්ස් ගෝ මා බෝයි "

බැම්ව හුරතල් කරමින් මූණේ එවිල් හිනාවක් ඇදගත්තු එයා බැම්වත් එක්කගෙන දොර දිහාට ගියා.

" දැන්!! "

පාර දිහායින් මහ හයියෙන් බලාපොරොත්තු බිදුනු කෑගැහිමක් ඇහෙද්දි ජන්කුක් දොර ඇරලා බැම්ට එහෙම කිව්වේ බැම් දුවලා මිදුල දිහාට යද්දී..

මිදුලේ වැටිලා තියන ටෙනිස් බෝලේ කටින් ගත්තු බැම් අමුතු විදිහට හිනාවෙලා බලන් ඉන්න එයාගේ හාම්පුතා ගාවට වලිගේ වනමින් දුවගෙන ආවා. ඒ සතියකට දෙපාරක් වගේ මේ වෙන සෙල්ලම එයාටත් සතුටක් නිසා වෙන්න ඇති.

බෝලේ අතින් අරන් බැම්ගේ ඔලුව අතගාපු ජන්කුක් තවත් විනාඩි දෙකක් විතර තාප්පේ දිහා බලන් හිටියා.

"කුක්කා!!"

"ජන්කුක්! "

" ජන්කූඌක්!"

ජන්කුක්ගේ එවිල් හිනාව වැඩිවෙද්දී තාප්පෙන් වත්තට පැනපු කොල්ලො හත්දෙනා ජන්කුක් ඊළගට කරන දේ දැනගෙන එකිනෙකාගේ හඩවල් පරයමින් කෑගැහුවා.

ඒත් ජන්කුක් නැවතෙයිද නෑ! කොහෙත්ම නෑ!!

" ජන්කුක් එපා! "

Anti-Romantic♡  Where stories live. Discover now