" ජන්කුක් අත ගන්නවා.. කිව්වනේ තමුන්ට දැන් හැටපාරක් විතර "
ටේහ්යුන්ග් නවවෙනි පාරටත් ජන්ග්කුක්ට කෑගැහුවා. ජන්ග්කුක් ගැස්සිලා ගිහින් යුන්ගිගේ ඇගටම හේත්තු උනත් එයා ටක්ගාලා අහකට උනා.
ටේහ්යුන්ග් උදේ ඉදන් මොකක්ම හරි දේක තරහවක් ජන්ග්කුක් පිටින් යවමින් හිටියා. මේ විදිහට එයාගේ ඩෙස් එක පැත්තට ඇගිල්ලක්වත් දාන්න එපා කියලා ජන්ග්කුක්ට කෑගහපු මුල් වතාවේ දෙවතාවේ ජන්ග්කුක් ආපිට ටේහ්යුන්ග් එක්ක එල්ලි එල්ලි ගියත් ඒකෙන් උනේ ටේහ්යුන්ග්ගේ හේතුවක් නොදන්න තරහා තවත් වැඩි උන එක විතරයි.
අන්තිමට ජන්ග්කුක් ටේහ්යුන්ග්ගේ කෑගැහිලි වලට මුකුත්ම නොකියා ගැස්සෙන තරමටම ටේහ්යුන්ග් අද නපුරු වෙලා හිටියා.
ලිට්ල් කිම්ව නැතිවුණ දවසෙ වගේ! ජන්ග්කුක් යුන්ගිගේ මේසේ කොනේ පුන්චි ඉඩක අත් රදව ගන්න ගමන් වයිට් බෝඩ් එක දිහා බැලුවා.
" ටේයා උබට මොකද වෙලා තියෙන්නේ"
සොක්ජින් කකුලෙන් ටේහ්යුන්ග්ගේ පුටුවට තට්ටු කරා.
" මුකුත් නෑ "
අද මුගෙන් වචනයක් ගන්න තියන අමාරුවක්! ටේහ්යුන්ග් ඕනාවට එපාවට උත්තර දෙද්දී සොක්ජින් ඇස් රෝල් කරා.
" ජන්ග්කුක් මගෙ උත්තරේ හරිද බන් "
යුන්ගි නිදිමත විදිහට දොඩවද්දී ජන්ග්කුක් එයාගේ පොතට එබිලා බැලුවා. හොදයි.. සූබින් ඉද්දිත් ජන්ග්කුක්! යුන්ගි ඒ තරමටම ජන්ග්කුක්ව එයාගේ කෙනෙක් කරගෙන හිටියා. සමහර විට ඒකට එයාගෙම හේතු ඇති.
" ම්ම් ඔව්.. ඒත් ඕක ඔයිට වඩා ලේසි ක්ර්~~~ ආව් ආහ්හ් "
ජන්ග්කුක් හැදුවේ යුන්ගිට ඒ සුළු කිරීම කියලා දෙන්න. ඒ අතරේ ආපහු වතාවක් ජන්ග්කුක්ගේ වැලමිට ටේහ්යුන්ග්ගේ මේසෙට ගිහින් තිබුනා. එතකොට ටේහ්යුන්ග් ඒ වැලමිට තදටම ඇල්ලුවේ ජන්ග්කුක්ට කෑගැස්සෙද්දී..
" ඒ ඔය ළමයා මොකද කෑගහන්නේ.. අරන් එනවා පොත "
ජන්ග්කුක්ගේ සද්දෙ ඇහුන මැත්ස් ටීච හයියෙන්ම ජන්ග්කුක්ට බැන්නා. මුළු පන්තියෙම ඇස් ජන්ග්කුක්ට යොමු වෙද්දි එයා පොතත් අරන් නැගිට්ටා.
YOU ARE READING
Anti-Romantic♡
Fanfiction" මේ තමයි හෙවන් ලේන් එක! රටට සේවය කරන වැදගත් සුරදූතයෝ වගේ ජනතාවක් තමයි එහෙ ජීවත් උනේ. ඒත් ඒගොල්ලන්ගෙ දරුවෝ.. ම්ම් අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද එයාලා ලොකු වුණාම ඒ ලේන් එකේ නම ඩෙවිල්ස් ලේන් කියලා වෙනස් වෙන්නත් පුලුවන්. මොක උනත් පෙනෙන තරම් මේ ඩ...