20th CHAPTER

557 120 17
                                    

" බැම්ම්!!"

"ප්ලීස් බේ කම් හිය "

ජන්ග්කුක්ගේ ඇස් තිබුනේ ඈතට වෙලා වතුර ගසමින් ඉන්න බැම් ළඟ..

ඔයාව නෑව්වට මටත් දැන් නාගන්න වෙලා.. ජන්ග්කුක් බාගෙකටත් වඩා වතුරෙන් නෑවිලා තියන එයාගේ ඇග දිහා බැලුවා.

" මෙහාට එන්න බැම්.. නෝටි බෝයි කෙනෙක් වෙන්න එපා.. ඩැඩාටත් පරක්කු වෙනවා "

ජන්ග්කුක් ආයෙම වතාවක් තරහින් වගේ බැම්ට කියද්දි බැම් ජන්ග්කුක්ව තේරුනා වගේ කෙදිරි ගෑවා.

" කෙදිරිගාලා බෑ.. වොශ් කරන්නම ඕනා "

ජන්ග්කුක් බැම්ව තදින් අල්ලගත්තා. ඊටපස්සෙ විනාඩි ගානක් බැම් ජන්ග්කුක්ව නෑව්වා. නෑ ජන්ග්කුක් බැම්ව නෑව්වා.

" හහ් දගලන්නෙපා බැම්... ආහ් ශ් ..ආආ "

නාවලා ඉවර උනු ගමන්ම බැම් ජන්ග්කුක්ගෙන් මිදිලා දුවන්න හැදුවා. ජන්ග්කුක් බැම්ව අල්ලගන්න ඉස්සරහට පැන්නත් වතුරෙන්ම මඩවෙලා තිබ්බ ගාර්ඩ්න් එකේ එයාව ලිස්සලා ගියේ ඊලග මොහොතේ ජන්ග්කුක්ට එයාගේ පස්ස යහතින්ද කියන සාධාරන සැකෙත් ඇති කරවලා.

" ආආආ මමාආඅහ්.. යස්ස පැටියා... අයිතිකාරයා වගේමයි හැදෙන්නේ "

ජන්ග්කුක් වැටුන විදිහටම බිම ඉදගෙන බැම්ට කෑගැහුවා. ඒ මූණ තරහෙන් පිරිලා තිබ්බා.

ඔහ් ශිට්! මම නේද එයාගේ අයිතිකාරයා... ජන්ග්කුක්ට එයාම කලින් කිව්ව දේ මතක් වෙලා මූණට හිනාවක් එද්දි එයා ආදරණීය බෝල් ඇස්වලින් බැම් දිහා බලාගෙන හිටියා.

" ගෝශ් බැම් එළියට යන්න එපා! බැම්.. "

බැම් ඇරලා දාලා තිබ්බ ගේට් එක පැත්තට දුවද්දී ජන්ග්කුක්ට දෙවියො සිහි උනා. හොදයි හනා යද්දි ඇරපු ගේට්ටුව තාමත් ඇරලා දාලා තිබ්බේ නැනී ඒවි කියන බලාපොරොත්තුවෙන්.

ජන්ග්කුක් නලල රැළි කරන් ගේට් එක දිහා බලලා, හායි ගාලා ඇරලා දාලා තියන දොර දිහා බැලුවා. කමක් නෑ දෙන්නම නිදි උනත් ප්‍රින්සස් එක්ක චිමී ඉන්නවනේ!

" බැම්ම්! "

හිතුවා වගේම බැම් ගේට් එකෙන් එළියට යද්දි ජන්ග්කුක් වේගෙන් නැගිටලා බැම් පස්සේ දුවන්න පටන් ගත්තා.

Anti-Romantic♡  Where stories live. Discover now