30th CHAPTER

672 105 42
                                    

" මේ මොකද? "

ටීචර් ජූ පන්තිය පුරාම ඇස් යැව්වා. එයා හිටියේ කොරියානු ඉතිහාසය උගන්නලා ඉවර වෙලා ආර්ට් ඩේ එකේ එයාගේ ක්ලාස් එකේ ඉවෙන්ට්ස් ලියපු කොලේ චෙක් කරන ගමන්.

" සෙක්ශන් එකේ හැම ක්ලාස් එකක්ම ඩ්‍රාමා එකක් කරනවා.. කෝ අපේ එක? සින්ගින්, ඩාන්සින් විතරනේ තියෙන්නේ "

ටීචර් ජූ ආයෙම ඇහුවත් පන්තියේ කිසිම හාවක් හූවක් තිබ්බේ නෑ.

" වරම අතට ගන්න යන්නේ "

" ඇයි යකා නටන්නද? "

යුන්ගි පිටිපස්ස හැරිලා කුටු කුටු ගාන හේසොක්ට එරෙව්වා.

" වැදගත් ප්‍රශ්නයක් අහන වෙලාවට හුම්ම් කියන්න එකෙක් නෑ.. ආහ් මගේ ගුරු ජීවිතේ මට හම්බුනු ජරාම පන්තිය මේක "

ටීචර් ජූ කොන්ඩේ ගැසුවා. පන්තියේ ළමයින්ට හිනා යන්න ආවම එයාලා එකිනෙකා දිහා බලලා මොකක්ද ඉගිකරගත්තා.

" මොකද ඒ? "

ජන්ග්කුක් හිනාව කාගෙන ටීචර් ජූ දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

" ඒක නිකම් අයිකනික් ලයින් එකක් වගේ.. හැම ටර්ම් එකකදි වගේ එකපාරක් හරි අපි ඕක අහගන්නවා.. "

ටේහ්‍යුන්ග් කටකොනින් හිනා උනා.

" දැන් එහෙම අහගත්තේ නැතොත් තමා අපේ හිතට අවුල් "

ටේහ්‍යුන්ග් ඇස් බෝල කරන් ඉන්න ජන්ග්කුක්ට වින්ක් කරා.

විකාර! ඒ වචන වල මොකක්ද හිතට හරියන්න තියෙන්නේ.. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට ඇස් රෝල් කරලා ටීචර් ජූ දිහා බැලුවා.

ටීචර් ජූ තවමත් කියවනවා.

" එක්කෙනෙක් හිනාවුනාම ඔක්කොම හිනාවෙනවා... එක්කෙනෙක් ඕන්නැති වැඩක් කරාම හැමෝම හවුල් වෙනවා.. ඒ වගේ කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න.. අපූරුවට අනික් අය එකතුවෙයි "

හහ්.. මට ප්‍රෙශර් හැදිලා මැරෙනවා මේ ළමයි නිසා.. ටීචර් ජූ ලොකු හුස්මක් අරගත්තා.

" එකෙක් පන්තියට ගිනි තිබ්බම හැමෝම පිදුරු දානවා "

හේසොක් ආයෙම මැටි කතාවක් කිව්වම මේ වතාවේ යුන්ගිත් එක්ක ජිමිනුත් හේසොක්ට රැව්වා.

Anti-Romantic♡  Where stories live. Discover now