14th CHAPTER

464 113 5
                                    

" ඕනෙම නම් බලන් ඉන්නැතුව එයාගෙන් අහන්න"

ජිමින් ජන්ග්කුක් දිහා බැලුවේ කලකිරීමෙන්. මූටමයි උවමනාව.. ඒත් සෙකන්ඩ් වෙන්න කැමතිත් නෑ.

" ආර්ග්ග් මට බෑ චිමී.. එයා මට කැමති නෑ"

ජන්ග්කුක් හොරෙන් සූබින් දිහා බැලුවා. එයා බෑ කියයිද? කෑ ගහයිද? ජන්ග්කුක් ඇස් හීනි කරා.

සුබින් උනත් ඇස් කොනින් හුගවෙලාවක ඉදන් එයා දිහා බලන ජන්ග්කුක් ජිමින් දෙන්නව දැක්කත් ඒක නොදැක්කා වගේ ඉන්න තරම් දක්ශ උනා.

වෙනදා වගේම පයින් එන්න තියන කම්මැලිකමට ජන්ග්කුක් ඩඩාට කියලා මහ පාන්දර එයාලව ස්කෝලේට ඇරලව ගත්තා. ඉතින් ඩඩා හොස්පිට්ල් යන වෙලාවේ ජන්ග්කුක් ජිමින් දෙන්නා ස්කෝලේ.

වෙනදට ඩෙවිල් පැටව් සෙට් එකම වගේ එකට ආවත් අද සූබින් උදේම ඇවිත් හිටියා වගේම එයා හිටියේ ජිමින්ලගේ පේළියේ කොනේම ඉදගෙන මොකක්ද පොතක් කියවමින්. ඉතින් ජිමින් ජන්ග්කුක් එක්ක ජන්ග්කුක්ලගේ පෝළිමේ වාඩි උනා. දැනට!

වාඩිවෙන්න පෝලිම අතරින් යද්දි ජන්ග්කුක් ලාවට සූබින් කියෝමින් හිටිය පොත දිහා බැලුවේ කරුමෙකට වගේ.. ඔව් එයා එක පිටුවකින්ම ඒ පොත මොකක්ද කියන්න අදුර ගත්තා.

"  චිමී එහෙනම් මං අහන්නද? "

ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා. පැචින්කෝ!* ඒ පොත! ආයිශ් ඒක කොහොමද මෙහෙ තියෙන්නේ.. චිමිලගෙ සිටි එකේවත් නැතිකොට.. ජන්ග්කුක් යටිතොල තදින් හපලා අතෑරියා.

" ඒක තමයි මං මෙච්චර වෙලා කිව්වේ"

ජිමින් ඇස් රෝල් කරා. සූබින් හොද කොල්ලා කුකියාගෙනේ මේ මාන්නක්කාරකම!

" සූබින්"

ජන්කුක් සූබින්ට කතා  කරා. එයා හිටියේ මේසෙට යටින් ජිමින්ගේ අත අල්ලන් තදකරන්..

" ඇයි? "

" ඔය පොත... ම්ම් ඒක කොහෙන්ද ගත්තේ? "

" ඇයි මං ඒක ඔයාට කියන්නේ? "

ජන්ග්කුක් උපරිම හොද විදිහට කතා කරත් සුබින්ට එහෙම ඕනෙ උනේ නෑ. එයාගෙ කටකොනේ අහංකාර හිනාවක් මතුවෙලා තිබ්බා.

Anti-Romantic♡  Where stories live. Discover now