35th CHAPTER

508 100 45
                                    

" ජන්ග්කුක් ආයෙමත් ස්ටෙප් එක වැරැද්දුවා ඔයා.. මොන සිහියෙන්ද ලමයෝ ඉන්නේ "

ඩාන්සින් ටීච ලින්ඩා කෑගැහුවම ජන්ග්කුක් බිම බලාගත්තා. ඒ යටි තොල දැනටමත් දත් අතරට අහුවෙලා.

" සොරි ටීච ලින්ඩා "

ජන්ග්කුක් පහත් හඩින් මිමිනුවා. ඇයි මටම වෙන්නේ! මහ ගොඩක් ළමයි මැදම..

" මං බ්‍රේක් එකක් දෙන්නම්.. ඊටපස්සෙවත් හරියට කරන්න "

ටීච ලින්ඩා කිව්වම ජන්ග්කුක් ඔලුව නවාගෙනම ඩාන්සින් රූම් එකෙන් එළියට ආවා. එයා පස්සෙන් තව කෙනෙක් ඇවිදන් එනවා වගේ දැනුනත් එයා නිකමටවත් ඔලුව ඉස්සුවෙ නෑ.

" ඒ කුක්කෝ "

" හ්ම්ම්ම් "

"උබට මක්කැයි වෙලා තියෙන්නෙ.. වෙනදට මෙහෙම නෑ "

ජන්ග්කුක් පිටිපස්සෙන්ම ඇවිදන් ආව හේසොක් බැල්කනියේ බැම්මට හේත්තු උනා.

ඒ දෙන්නම ආර්ට් ඩේ එකට ඩාන්ස් දෙකක් ප්‍රැක්ටිස් වෙනවා. ඒත් අද ජන්ග්කුක් ඉවරයක් නැතුවම ස්ටෙප්ස් වරද්දනවා.

" අයි ඩෝන්ට් නෝ "

ජන්ග්කුක් උරහිස් අකුලගෙන කෙදිරි ගෑවම හේසොක් හිනා උනා. එයාට මොහොතකට අහංකාර ජන්ග්කුකක්ව මතක් උනා.

" ඕනෙම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කුක්කෝ.. හිතන්න එපා.. "

" ආ? "

" රගපාන්න වෙයි කියලා මානසික පීඩනෙන් නේතෙ ඉන්නේ "

හේසොක් සද්දෙන් හිනා උනා. හේතුව ඒකම නොවුනත් ජන්ග්කුක් ඔරවලා බැලුවා. මෙයාට හැමවෙලේම හැපීගේ හොල්මන වැහිලද?

" ඇත්තනේ කුක්කෝ ඩ්‍රාමා වෙනයි.. ඩාන්සින් වෙනයි.. අපි ඩ්‍රාමා එක කරන්නේ ජූලිගේ කීමට.. ඒ නැතත් අපි නැතිඋනොත් අරුන්ට ගෲප් එකට එව්වෝ මදි නිසා.. ඒත් කොහොමත් අපි අනිවාරෙන් එදාට නටන්න නම් වෙනවනේ! ඒකට බෑ කියන්න බෑ. ඉතින් විකාර නොහිතා මේකට නෙවේද අවධානේ දෙන්න ඕනේ "

" ම්ම්ම් ඒකත් හරි.. "

" ඒකනේ ඕයි නොහිතා ඉන්නවා උම්බට කොහොමත් ආර්ඩ් ඩේ එකේ රගපාන්න වෙන්නෑ "

Anti-Romantic♡  Where stories live. Discover now