27th CHAPTER

663 118 102
                                    

" චිමී පාර්ක් "

ජන්ග්කුක් ස්ටඩි ටේබල් එක උඩ තිබ්බ පොතකින් ජිමින්ට දමලා ගැහුවා. එයාලා හිටියේ පාඩම් කරන ගමන්..

" ආව්වා! "

ඒ පොත ඔලුවෙ වැදුනම ජිමින් ජන්ග්කුක්ට රැව්වා.

" මේ මේ රවාගෙන එන්නෙපා... ඔයා හිතන් ඉන්නේ පොත අස්සෙ තියාගෙන ෆෝන් ‍එක ඔබනවා මට පේන්නෑ කියලාද? "

" ආර්ග් කුකී කම්මැලි හලෝ "

ජිමින් ෆෝන් එකත් එක්කම පොතත් මේසෙට අතෑරලා කොන්ඩේ අතරින් ඇගිලි යැව්වා. ස්ට්‍රෙස් එකෙන් වගේ..

ස්කෝලෙ තිබ්බනම් තව හොදයි! ජිමින් මූණ බෙරි කරන් ජන්ග්කුක් දිහා බැලුවා.

ජිමින්ගේ මූණ දැක්කාම ජන්ග්කුක්ට හිනා ගියා.

" එහෙනම් අපි එළියට යමුද? "

ජිමින් නලල රැළි කරා.

" ස්ටඩි ලීව් කියලා පාඩම් කරන්නම ඕනෙ කියලා එකකුත් නෑ චිමී.. අනික අපි මෙහෙ ආවෙත් හුගකාලෙකින් "

ජන්ග්කුක් ඇස් වලින් වටේ පෙන්නුවා. එයාලට මිඩ් එක්සෑම් එක වෙනුවෙන් සතියක නිවාඩුවක් දීලා තිබ්බා. ඉතින් එයාලා ජිමින්ලාගෙ ගෙදර ආවා. වැකේශන් එකකට වගේ.. ඒත් ඇත්තටම මේ එයාලගේ ස්ටඩී ලීව්ස්..

" හ්ම්ම් ඔව්.. එතකොට දැන් පාර්ක්ද යන්නේ? "

" කොහෙහරි ඔක්කොටම කලින් පාරට බහිමුකෝ "

ජන්ග්කුක් දිගෑරගෙන උන්නු පොත වහලා දැම්මා.

" කුකී තමා හොදම "

ජිමින් ජන්ග්කුක්ගේ කම්මුලක් මිරිකුවම ජන්ග්කුක් මූණ පස්සට කරා.

" අයි නෝ.. දැන් ගිහින් ලෑස්ති වෙන්න "

ජන්ග්කුක් ජිමින්ව ක්ලෝසෙට් එක දිහාට තල්ලු කරලා පස්සට පාරක් ගහලා හිනා උනා.

" යාආආහ් ජොන්ග් ජන්ග්කුක්!! ඔයාටත් පස්සක් පේන්න බෑ.. "

ජිමින් ජන්ග්කුක්ට කෑගැහුවා.

" ඔයාටත්? ඇයි තව කවුරු හරි ඉන්නවද පාර්ක් ජිමින්! "

පූසෝ මල්ලෙන් පනිනවා කියන්නේ ඕකට තමයි.. ජන්ග්කුක් ඇහිබැමැක් ඉස්සුවා. ජිමින්ගේ මූණ තරහෙන් තද රතුවට හැරුනා.

Anti-Romantic♡  Where stories live. Discover now