15th CHAPTER

514 107 7
                                    

" ~~ තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරු මල් කඩා දෙන්නෙමි

තරු මල් කඩා දෙන්නෙමි... "

" වාව්.. වන් මෝ ටේයා "

" හූඌඋ වන් මෝ.. වන් මෝ"

ටේහ්‍යුන්ග් පියාගෙන උන්නු ඇස් දෙක ඇරියා. එයා හිටියේ එයාගේ ඩෙස් එකට හේත්තුවෙලා එයාගේ ප්‍රේක්ශකාගාරෙ දිහා බලාගෙන. මහ ගොඩක් නෑ. ජින් හේසොක් ජිමින් නම්ජුන් හතර දෙනයි.. සූබින් යුන්ගි දෙන්නයි විතරයි. එතකොට ජන්ග්කුක්?

ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ග් ගාවම ඉදගෙන පොතක් අස්සේ අතරමං වෙලා. එයාට ටේහ්‍යුන්ග්ගේ සින්දු ගානක් නෑ වගේ!

" මොකක්ද ඊළගට කියන්නේ? "

සෙට් එකම වන් මෝ වන් මෝ කියද්දි ටේහ්‍යුන්ග්ගේ ඇස් සතුටින් දිලිසුනා. ඒත් ඒ මූණ දැන් මහන්සි පාටයි.එයා මයික් එකට පාවිච්චි කරපු වතුර බෝතලෙන් නිකටට තට්ටු කරගත්තා.

" මුකුත් එපා! බෙරිහන් දෙන්නැතුව ඉදගත්තොත් ඒක ලොකු උදව්වක්"

ජන්ග්කුක් කිව්වෙ පොතෙන් ඔලුව උස්සන්නැතුවම.. පොඩ්ඩක් ඉන්න. එතකොට ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ සින්දුත් අහන් ඉදලද?

ටේහ්‍යුන්ග්ගේ මූණ රතුවෙලා ගියා.අනික් අය සින්දුවක් තෝරන අතරේ ටේහ්‍යුන්ග් ඉදගෙන හිටිය ජන්ග්කුක් දිහාවට නැඹුරු උනා.

" ඒ කියන්නේ ඔයා මගෙ සින්දු අහන් හිටියද? "

" අහන් ඉන්නම ඒවනේ! මගේ කන් හොදට ඇහෙන නිසා මට ඒවා ඇහුනා"

ජන්ග්කුක් තාමත් පොතෙන් ඔලුව ඉස්සුවෙ නැති උනාම ටේහ්‍යුන්ග්ගේ මූණ ඇද වෙලා ගියා. ඔයා එහෙමයි නේ!

" අහන් හිටියා කියලා පිළිගන්න... ප්‍රින්සස් "

ප්‍රින්සස්! ඒ වචනේ සම්පූර්ණයෙන්ම ජන්ග්කුක් වෙනුවෙන් අවුරුදු ගානට පස්සේ ටේහ්‍යුන්ග්ගේ කට හඩින්~~

මේ පාර ජන්ග්කුක් මූණ රතුවෙලා යද්දී~~ ම්ම් තරහින් රතුවෙලා යද්දී ටේහ්‍යුන්ග් කට කොනේ හිනාවක් ඇදගෙන එයාගේ ප්‍රේක්ශකයො දිහාට හැරුණා.

Anti-Romantic♡  Where stories live. Discover now