26th CHAPTER

481 119 102
                                    

" ජින්න්න්න්!! "

ජන්ග්කුක් කෑගහගෙන ක්ලාස් එකට රිංගුවා.

කොහොම හිටිය කුකීද? ජිමින්ට හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා. ජිමින් එක්කම ආවට මොකද දැනටමත් ජන්ග්කුක් සොක්ජින් ලග ජිමින්ගේ පුටුවේ ඉදගෙන මොකක්ද කතාවක් පටන් අරන්...

" ගුඩ්මෝනින් ජිමිනා "

සූබින් කිව්වම ජිමින් එයාට ආපිට ගුඩ්මෝනින් කිව්වා.

" අදත් මොකක් හරි කෝප්පයක් හෝදනව නේ ඩබල "

" කුකී ගෙදරින් එද්දිම කෝප්ප ගේනවා ජින් එක්ක හෝදන්න "

ජිමින් ඈනුමක් ඇරියා. සුබින් හිනාවෙලා නිදිමතේද ජිමිනා කියලා ඇහුවත් ජිමින් ඒකට නෑ කියන්න ඔලුව වැනුවා.

කෝ කට්ටිය.. එයාලා අද එකට නෙවෙද ඇවිත් තියෙන්නේ.. ජිමින් බෙල්ල කරකවලා වටේටම ඇස් යැව්වා.

" කෝ අනික් අය "

ජිමින් ටේහ්‍යුන්ග්ගේ පුටුවට ගිහින් බිත්‍තියට හේත්තු උනා. දැන් එයාට පේළි දෙකම කවර් කරන්න පුළුවන්. පේළියේ කොනේම ඉන්න සූබින්වත් පිටිපස්සෙ පේළියේ සොක්ජින් ජන්ග්කුක් ඩබලවත් එතනට හොදට පෙනුනා. 

" යුන්ගිද? "

සොක්ජින් ඇහුවේ අමුතු හිනාවක් දාන්. එයා ජන්ග්කුක් එක්ක කතාවේ උන්නත් ඔය වගේ දේවල් මිස් කරගන්නෑ.

" ඔ.. නෑ.. ඔව් කට්ටියම ටේයා.. නම්ජුන් හේසොක් එයාලත්.. "

ජන්ග්කුක් සුබින් දෙන්නත් හැරිලා ජිමින් දිහා බැලුවම ජිමින්ට වචන පැටලුනා. ඔහොම බලන්නේ.. මුන්ට මොනා හරි තේරිලාවත්ද? ඒම උනොත් යුන්ගි මාව කයි. ජිමින් තඩි කෙල ගුලියක් ගිල්ලා.

" එයාලා අද බාස්කට් බෝල් ප්‍රැක්ටිස් "

" ඔහ්! "

ජිමින් කට ඕ ශේප් කරාම සූබින් සොක්ජින් දිහා බැලුවා. ජන්ග්කුක් හැමෝ දිහාම බැලුවා මිසක මුකුත්ම කිව්වෙ නෑ.

" එතකොට හේසොක්? "

" ඌ එතන කට ඇරන් බලන් ඉන්නව ඇති.. "

" ඇයි පිස්සෙක් වගේ කෑ ගහනව වෙන්නත් පුළුවන් සූබිනා "

සුබින් සොක්ජින්ට හයිෆයුව් එකක් දාලා හිනා උනා.

Anti-Romantic♡  Where stories live. Discover now