6th CHAPTER

558 121 11
                                    

" කුකී! "

" කුකී ජොන්ග්!! "

තරමක් මිටි හුරුබුහුටි කොලුවා මහ හයියෙන් කෑ ගැහුවා.

" චිමී පාර්ක්! අයි හි‍යර් යුවා වොයිස් "

ජන්කුක් ආපිට කෑගැහුවා.

වෙනදට පොඩි එකීගේ ඇඩිල්ලෙන් විතරක් නිහඩ බව බිදෙන ගේ ඇතුළේ අද කුකී සහ චිමීගේ බෙරිහන්දීම මහ හයියෙන් ඇහුනා. නැනී වගේම ප්‍රින්සසුත් හිටියේ පුදුමෙන්.. ජන්කුක් වෙනදට මෙහෙම නෑ! සාධාරණයි. ජන්කුක් තනියෙන් කෑගහන්නයෑ..

" මං ඔහේගේ හියුන්ග් "

" මං දන්නවා ජිමින් හියුන්ග් ඒක~~"

නමට විතරක්..ජන්කුක් ජිමින්ව විහිළුවට අරන් බෝව් කරා.

ජිමින් ජන්කුක්ගේ නැමුව ඔලුවට හයියෙන් ටොක්කක් ඇන්නේ පලිගන්න! මූ මට අපහස කරන එකේ සීමාවක් නෑ..

" කුකී මට කම්මැලී "

ජිමින් කිව්වේ පහලට යන්න බහින්න වෙන පඩිපෙල දිහා බලාගෙන..

" දැන් මට ඔහේව උස්සගෙන යන්නද කියන්නේ "

ජන්කුක් ඇස් රෝල් කරලා පලවෙනි පඩියට අඩිය තිබ්බා.

" මට දැන් ටර්බෝව ආවේස වෙන්න යන්නේ.. "

ජිමින්ගේ සෙල්ලක්කාර හඩ ඇහෙද්දී ජන්කුක් ඒ කියපු දේ තේරුම හිතන ගමන් ජිමින් දිහා බැලුවා.

ජිමින් හිටියේ පඩිපෙලේ අත්වැටේ ඉදගෙන.. ඔව් එයා සීසෝ පදින්නයි ලෑස්තිවෙන්නේ. ජන්කුක්ගේ මූණේ ලා හිනාවක් ඇදුනත් එකපාරටම එයාට අමතක වෙච්ච දෙයක් මතක් උනා. ජිමින්ලගේ ගෙදරදි කම්මැලි කමට පඩිපෙලේ ඔහොම ලිස්සුවත් ඇයි එයා ගෙදරදී ඒක නොකරන්නේ? ඕ මයි ගෝඩ්!

" නෝඕඔ ජිමින් හියුන්න්න්න්න්ග්!!! "

එකයි දෙකයි තුනයි.. ඉවරයි! ජන්කුක් ඇස් දෙක තද කරලා වහගෙන කවුන්ට් කරා. මං කොහොමද එච්චර භයානක දෙයක් ඇස් දෙකෙන් බලන්නේ....

" ආආආආආආආආආආහ්! ඔම්මමාආආආආඅ!!

මාව හොස්පිට්ල් එකකට ගිහින් දාන්න අයියෝඕඕඕඔහ්!! "

Anti-Romantic♡  Where stories live. Discover now