37th CHAPTER

741 117 38
                                    

ජන්ග්කුක් ජනෙල් රෙද්ද අස්සෙන් එයාලගේ ගේට්ටුව දිහා හොරෙන් බලන් හිටියා.

වෙනදා වගේම උදේ පාන්දර ටේහ්‍යුන්ග් එනවා පෙනුනම ජන්ග්කුක් ඇස් රෝල් කරා.

" ගෙයක් දොරක් නැති මනුස්සයා! පාන්දරම එනවා මේක අස්සේ රිංගන්න "

" ආආආආඅහ් මමාආආ මේ ලස්සන වලහව වෙන කොහෙට හරි ගිහින් දාන්න!! "

ජන්ග්කුක් ඇදට පැනලා වේගෙන් කකුල් ගසාගෙන ගසාගෙන ගියා.

පොඩ්ඩක් ඉන්න! මේ දැන් ජන්ග්කුක් කිව්වේ ටේහ්‍යුන්ග් ලස්සනයි කියලා නෙවේද? ලස්සන~~ ඔව් ජන්ග්කුක්ට ආර්ට් ඩේ එකෙන් පස්සේ පිස්සු වලහව ලස්සනට පේන්න අරන්. ලස්සනමත් නෙවේ. ඒක හරියට නිකම් එයා දිහාම බලන් ඉන්න කියලා හිත කියනවා වගේ වයිබ් එකක්.

" මල විකාර! "

ජන්ග්කුක් කම්මුල් පුම්බන් ඇදෙන් ඉදගත්තා.

"තරහා ගන්නෝනේ කෙනා දිහා බලන් ඉන්න ඕනෙ කියලා හිතුනම කන්න හොද මොනාද දන්නෑ... ආයිශ් එක්කො මං තරහෙන් බලන් ඉන්නවා ඉවරනේ "

ජන්ග්කුක් එයාගේ බනී ස්ලිපස් දෙක දාගෙන නැගිට්ටා.

" හ්ම්ම්හ් ආම් ද බෙස්ට් "

ජන්ග්කුක් අතින් කොන්ඩේ ගස්සලා දොර දිහාවට ඇවිද්දා. එකපාරටම දෙයක් මතක් උනාම එයා ඇස් ලොකු කරන් දොර ලගම නතරවුනා.

" මාව කැතට පේනවද දන්නෑ "

ජන්ග්කුක්ගේ මූණ ඇද වෙද්දි එයා දුවගෙන ඇවිත් කණ්ණාඩිය ඉස්සරහ හිටගත්තා.

ජන්ග්කුක්ගේ සුපුරුදු මෝර්නින් වර්ශන් එක කණ්නාඩියෙන් පේන්න තිබ්බම එයාට කෑගැස්සුනා.

" වට් ද ෆක්!! "

ජන්ග්කුක් අතකින් කොන්ඩේ හදන්න පටන් ගත්තා.

" මං නැගිට්ට ගමන් උනත් පිස්සු වලහට වඩා ලස්සනට ඉන්න ඕනේ."

" එච්චරයි! "

_
_
_
_

" ඉතින් වලස් පැටියා හොදට රගපෑවද? "

මිස්ට ජෝන්ග් කෑම පිගාගෙන් ඇස් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා. ලස්සන හිනාවකුත් එක්ක.

Anti-Romantic♡  Where stories live. Discover now