29th CHAPTER

434 111 32
                                    

" යුන්ගි ඔයාට මේකෙන් ටිකක් දෙන්නද?"

ජිමින් එයාගේ අතේ තිබ්බ අයිස් ඇමරිකානෝ එක ටිකක් උස්සලා හෙලෙව්වා.

" එපා "

යුන්ගි සාක්කුවල අත් ඔබාගෙන ඔහේ ඉස්සරහට ඇවිද්දා. ඩෝන්ට් කෙයා මූඩ් එකෙන්.

" එහෙනම් අපි ටැංජරීන් කඩමුද? "

ටැංජරීන් පෙරේතයා.. ඕකට බෑ කියයි.. ජිමින් කැෆිටේරියා එකට යන පාරේ තිබ්බ ගහ ඇස් වලින් පෙන්නුවා.

එයාලා සෙට් එක හිටියේ කැෆිටේරියා එකේ ඉදන් එන ගමන්.

යුන්ගි උරහිස් හකුලලා ඇස් හීනි කරලා ජිමින් දිහාවට බැල්මක් දාලා ගස්සලා අහක බලාගත්‍තා. ජිමින්ගේ ඇස් ලොකු උනා.

එයා ටැංජරීනුත් එපා කිව්වද? මොකට මගෙන් පලිගන්නවද මන්දා. ජිමින් ඔලුව ඔලුව හොලෝලා ඉස්සරහින් ඇවිදන් යන යුන්ගි පස්සෙන් දිව්වා.

" ඒ යුන්ගි ඔහොම ඉන්නවාආආ "

" යුන්ගි චිමී දෙන්නා තරහයිද? "

ජන්ග්කුක් හීනි හඩකින් ඇහුවා.

පහුගිය දවස් කිහිපය පුරාවටම ජිමින්ව මගාරින යුන්ගිවයි, යුන්ගිගේ පස්සෙන් යන ජිමින්වයි ඩෙවිල් පැටව්න්ට හැමවෙලේම දකින්න පුලුවන් උනා.

ටේහ්‍යුන්ග් ඔලුව හරෝලා එහාපැත්තෙන් ඇවිදන් යන ජන්ග්කුක් දිහා බැලුවා. ඒ දෙන්නා වෙනදා වගේම ඩෙවිල් පැටව්න්ගේ පිටිපස්සෙන් ඇවිදන් ගියා.

" ඇයි ඒක මගෙන් අහන්නේ "

ටේහ්‍යුන්ග් ආපිට ඇහුවම ජන්ග්කුක්ගේ මූණ තද රතුඋනා. ඇයි ටේහ්‍යුන්ග් හැම තිස්සෙම එයාව තරහ ගස්සන්නේ?

" ආසාවට! "

" ජිමින්ගෙන්ම ඇහුවනම් හරි.. නැත්තම් ක්ලාස් එකට ගිහාම සුගාගෙන් අහන්න "

ජන්ග්කුක්ගේ රතු උනු කම්මුල් දැක්කම ටේහ්‍යුන්ග්ට හිනා ගියා.

" ආර්ග්ග්ග් තමුන් නම් කිසි කමකට නෑ "

" ඔයාටත් අනුන්ගේ කෙහෙල්මලක් නම් වෙන මුකුත් ඕන්නෑනේ ප්‍රින්සස් "

Anti-Romantic♡  Where stories live. Discover now