36th CHAPTER

567 99 87
                                    

ජන්ග්කුක් කණ්නාඩියෙන් පේන එයාගෙම රූපෙ දිහා බැලුවා. කහ පාට දිග ගවුම! ම්ම්ම් හරිමාපුරුයි. එයා එහෙන්ම අත් දෙක දෙපැත්තට දිග් කරා.

" මරු හැබැයි... ‍රෑට දැක්කොත් මිනිස්සුත් බය වෙනවා. "

ස්නෝවයියිට් නෙව්වෙ පඹයෙක් වගේනේ. මෙලෝ රහක් නෑහ්. ඒ තොල් නොපිටට පෙරළුනා.

" මේ ටික ගැට ගැහුවම හරි.. "

ටේහ්‍යුන්ග් නිල්පාට පටි වගයක් අරන් පිටිපස්සෙන් මතු උනාම ජන්ග්කුක් ගැස්සුනා.

ජන්ග්කුක් කණ්නාඩියෙන්ම ටේහ්‍යුන්ග්ගේ පහළ ඉදන් උඩටම බැලුවා.

ටේහ්‍යුන්ග් හිටියේ කුරුමිට්ටෙක්ට ඇදගෙන.. හැන්ඩ්සම් කහපාට කුරුමිට්ටෙක්..

ජන්ග්කුක්ට ටේහ්‍යුන්ග්ගේ ඇස් හම්බුනාම එයාට නිකරුනේ කෙල ගිලුනා

" පටි? "

" ඔව්.. පිට පුරා කතිර කතිර වගේ තදට බදින්න කියලා ජිමිනා දුන්නේ.. එතකොට ඇගට තද වෙනවා. "

ටේහ්‍යුන්ග් පටි ටික දිහා බලලා ජන්ග්කුක්ගේ ගවුමේ පිට දිහා බැලුවා.

" බදිමුද? "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ පිටෙන් ඇස් අරන් කන්නාඩියෙන්ම ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවා.

ඒක අවසරයක් ඉල්ලන ආදරණීය බැල්මක්!

වට්? පිස්සු වහලා මගේ දිහා එහෙම බැලුවද? ඇත්තටම! ජන්ග්කුක් එහෙමම ගල් වෙලා වගේ බලන් ඉදලා ටිකකින් හා ලාවට ඔලුව උඩ පහල කරා.

ඒත් එක්කම ටේහ්‍යුන්ග් ඒ හීනි දිග ඇස් වල බැල්ම ආයෙමත් ජන්කුක්ගේ ගවුමට ගෙනිච්චා.

පැණි හට්ටියයි! ටේහ්‍යුන්ග් දැන්මම ස්නෝවයියිට් එක්ක ආදරෙන් බැදිලද? කුරුමිටි චරිතේ හිතටම අරන් වගේ!

ජන්ග්කුක් ඇස් පිල්ලම් නොගහම ගවුමේ පටි ගැටගහන ටේහ්‍යුන්ග් දිහා කණ්නාඩියෙන් බලන් හිටියා.

" හුස්ම ගන්න.. ඔහොම හුස්ම අල්ලන් ඉන්න එපා "

ටේහ්‍යුන්ග් එක පටියක් තදට අදින ගමන් ඒ හීනි ඇස් කණ්ණාඩිය දිහාවට හැරෙව්වා.

Anti-Romantic♡  Where stories live. Discover now