13th CHAPTER

487 110 56
                                    

ස්කෝලයක් නෙවේ මේක වදකාගාරයක්! ජන්ග්කුක් නලල රැලි කරන් අතේ තිබ්බ ෆෝම් එක දිහා බලන් හිටියා. එයා හිටියේ රූෆ්ටොප් එකේ.. ජන්ග්කුක් ඒ තැන හොයාගෙන දැන් දවස් දෙකක්.

ඇත්ලටික්ස්... ලැන්ග්වේජස් ඒ මදිවට එස්තෙටික්ස්! ඇයි හැමකෙනාම මේවගෙන් එකගානේ කරන්න ඕනේ.. ඇත්තටම පුදුම ජරා නීති ගොඩක් මේ ස්කෝලේ තියෙන්නේ..

" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මමාආආආආආආඅ"

ජන්ග්කුක් පහලට ඔලුව දාලා හයියෙන් කෑගැහුවා. කිසිම කෙනෙක්ට ඇහෙන්නෑ මොකද ඒ හරියේ ළමයෙක්ට ගැවසෙන්න හේතුවක් නැති තරම්..

" මටමනේ වෙන්නේ"

ජන්ග්කුක් හයියෙන් ඔලුවට අතින් ඇනගන්න ගමන් එයාටම බැනගත්තා. ගෙදරදී මේක කරන් එන්න අමතක උනාට.

" හේයි! "

ඒ හඩ හීන්දෑරි ලස්සන කොල්ලෙක්ගේ. ජන්ග්කුක් ගැස්සිලා ගිහින් එයා දිහා බැලුවා. දැකලත් පුරුදුයි වගේ!

" මොකද බබා හම්බෙන්න වගේ කෑගහන්නේ "

බබා හම්බෙයි ටෝ තව ටිකක් වෙලා මෙතන හිටියොත්.. ජන්ග්කුක් ඇස් රෝල් කරත් මෝඩ තාලේ හිනාවක් ඒ ළමයට දුන්නා.

" මුකුත් නෑ... ඔයා කොහෙන්ද මතු වුනේ.. පිටසක්වලයෙක් වගේ "

ජන්ග්කුක් මුල් ටික හයියෙන් කිව්වත් අන්තිම ටික අහක බලාගෙන කෙදිරුවා. හීන් දෑරි කොල්ලා සද්දෙන් හිනාවුනේ එයාට ඒක ඇහුනා කියන එක සනාත කරමින්.

" මං පිටසක්වලයෙක් නෙවේ ජන්ග්කුක් කොල්ලෝ "

" අහ්? "

ජන්ග්කුක් ඇස් ලොකු කරලා පුදුමෙන් හීන්දෑරි පිටසක්වලයා දිහා බලද්දී ඒ කොල්ලා ඇස් හීනි කරලා ලස්සන හිනාවක් දැම්මා.

" ඔයා ජන්ග්කුක් නේ "

" ඔව් ඒත්~~"

" මං ඔයාගේ ක්ලාස් එකේමයි ළමයෝ "

හීන්දෑරි පිටසක්වලයා කිව්වේ ඔලුව දෙපැත්තට ගසමින්. ඒ වචන වලට ජන්ග්කුක්ගේ කන් ඉබේටම රත්වෙනවා දැනෙද්දී එයා ෆෝම් එකෙන් පවන් ගහන්න පටන් ගත්තා.

Anti-Romantic♡  Where stories live. Discover now