18th CHAPTER

530 113 76
                                    

"මට කියන්න එපා චර්ච් එකට යන පාර මතක නෑ කියලා "

ජිමින් ඇස් රෝල් කරලා අහක බලාගත්තා.

" ඉතින් චිමී මං ඒ චර්ච් එකට ගිහින්ම නැති තරම්.. ක්‍රිස්මස් එකට යන්නෙත් මමාලා එක්කනේ"

ජන්ග්කුක් නිදහසට හේතු කියන ගමන් තුම්මං හන්දියෙන් හැරෙන පැත්ත හිතාගන්න බැරුව හිටගෙන හිටියා.

අද සුන්දර ඉරිදාවේ එයාලා දෙන්නා හිතන් හිටියේ හොදට නිදාගන්න. ඒත් උදේ පාන්දරම හනා ආවේස වෙලා වගේ කෑගහලා ජන්ග්කුක්වයි ජිමින්වයි කනෙන් ඇදලා එළියට දැම්මා.

" ඉරිදට චර්ච් එකට යන්න ඕනේ! හෙවන් ලේන් එකේ අනික් ළමයි වගේ"

හනා කිව්වෙ එහෙම..

" අර ගල් මූසලයා නිසා තමයි ඔක්කොම "

ජන්ග්කුක් තුම්මං හන්දියෙන් එක පැත්තකට හැරුනා. චර්ච් කෙසේ වෙතත් මූ මාව අපායට එක්කන් යයි වගේ! ජිමිනුත් ජන්ග්කුක්ගේ පස්සෙන් මූණ ඇදකරන් ඇවිදන් ආවා.

" අර්ර්ර්ර්ර්ර්ර්ර්ග් ටේහ්‍යුන්ග්!! අපේ මමාලටත් ඉතින් එයාලගේ වලස් පැටියා කරන්නේ මොකක්ද ඒක ඉස්තරම්නේ.. වලස් පැටියා නෙවේ ඕකා වලස් තඩියා "

" පිස්සු යකා! දෙන්න තියෙන්නේ ඕකට "

හනා හෙවන් ලේන් එකේ දරුවෝ ගැන කියද්දිම ජන්ග්කුක්ට මතක් උනේ එයාලගෙ ගෙදරට නිතරම යන එන ටේහ්‍යුන්ග්ව. ඉතින් එයාලට චර්ච් යන්න වෙච්ච ඒකේ වැරැද්දත් ටේහ්‍යුන්ග්ටම යද්දී ජන්ග්කුක් හිටියේ උදේම යකා වැහිලා.

" ටේහ්‍යුන්ග්ට නෙවේ මට උබට දෙන්න හිතිලා තියෙන්නේ "

ජිමින් කුටු කුටු ගගා ටේහ්‍යුන්ග්ට බනින ජන්ග්කුක්ට ගෙරෙව්වා. ඉන්නෙ නම් හෙවන් ලේන් එකේ ඒන්ජල්ස්ලා වගේ ඒත් චර්ච් එක තියන තැන දන්නෑ. දෙන්න තියෙන්නේ මූට!

" හැච හැච තමා.. සත්තයි චිමී.. හවුවුනොත් මං අද ඕකව කනවා"

" පුලුවන් දෙයක් කියන්න කුකී "

ජිමින් කලකිරිමෙන් වගේ ඔලුව දෙපැත්තට ගැසුවා. ජන්ග්කුක්ගේ මූණ ඇද වෙලා ගියා.

Anti-Romantic♡  Where stories live. Discover now