4th CHAPTER

609 128 6
                                    


                ටේහ්‍යුන්ග් උදේම නැගිටලා ජනේල්ලෙන් එළියට ඔලුව දැම්මා. ඇස ගැටෙන මානේ තියන ඒන්ජල් හවුසස් වල ඉන්න එයාගේ යාලු ඩෙවිල් පැටව් පේන්න ඉන්නවද කියලා බැලුවත් ඒ කවුරුත් පේන්න හිටියේ නෑ. එකාතකට වෙන කාටවත් ස්කූල් වැකේශන් එකේදී උදේම ඇහැරෙන්න තරම් ටේහ්‍යුන්ග්ට වගේ පිස්සුවක් තිබ්බෙ නෑ.

දත් මදින්න ඕනෙද? ටේහ්‍යුන්ග් අතට හුස්මක් පිබලා ඉව අල්ලලා බැලුවා. එයාගේ මූණ ඇකිලිලා ගියා. ඔව් මැද්දනම් හොදයි වගේ. එහෙන්මම එයා ගියේ බාතෲම් එකට.

නාගෙන කරගෙන එළියට ආවත් වෙනදා වගේමයි එයාගේ ගෙදර කවුරුත්ම නෑ..
ස්කූල් නිවාඩු උනාට පොලිසිය උසාවිය නිවාඩු නෑනේ. ටේහ්‍යුන්ග් බර හුස්මක් ගත්තා. 

විනාඩි ගානක් ඔහේ බලන් හිටියත් එයා දන්නවා එයා ඊළගට කරන දේ.. හැමදාම වගේ

ප්‍රින්සස්ව බලන්න යමුතේ?

______________________________________

#ඩිං ඩොං #ඩිං ඩොං

ඩෝ' බෙල් එක පිස්සුවෙන් වගේ රින්ග් වෙද්දී මිසිස් ජෝන්ග් තරහින් වගේ දොර ඇරියා. එත් දොර ඉස්සරහ ඉන්න ලස්සන කොල්ලා දැක්කම ඒ මූණේ ලොකු හිනාවක් ඇදිලා ගියා.

" ඔහ් ටේහ්‍යුන්ග් පුතා! ගුඩ් මෝර්නින්.. එන්න ඇතුළට "

" ගුඩ් මෝර්නින් හනා ආන්ටී.. අද හොස්පිට්ල් යන්නෑහ්? "

ටේහ්‍යුන්ග් ඇතුළට එමින් ගමන් මිසිස් ජෝන්ග් එක්ක පොඩි එකෙක් වගේ හුරතල් උනා.

" යනවා! ඒත් කොහෙද අද අංකල් පරක්කුයි "

" මං පරක්කු උනේ නෑ හනා.. අනික අපි හොස්පිට්ල් එක අරින්න යනවා නෙවෙනේ "

මිස්ටර් ජෝන්ග් කෑගහලා හනා කියපු එකට උත්තර දෙද්දී ටේහ්‍යුන්ග්ට හිනා ගියා. ඒත් මිසිස් ජෝන්ග් හිටියේ තරහින් පුපුරන ගමන්!

" හොස්පිට්ල් එක අරින්න ඒක වහන්නෙ නෑ මනුස්සයෝ "

මිසිස් ජෝන්ග් එයාගේ ආදරණිය හස්බන්ඩ්ට අතට හවුවෙන එකකින් දමලා ගැහුවා.

මේ දෙන්නා ඩොක්ටර්ස්ලා උනේ කොහොමද මන්දා! ටේහ්‍යුන්ග් ඩයිනින් ටේබල් එකේ පුටුවක් ඇදලා ඒකෙන් වාඩි උනා අවසරයක් නැතුවම. හ්ම්ම් එයාට ඕවට අවසර මොකටද?

Anti-Romantic♡  Where stories live. Discover now